දේශපාලන ආර්ථික විද්‍යාව යනු සමාජ විද්‍යාවේ ප්‍රමුඛ අංශයකි. එය විවිධ ආණ්ඩු හා ඒවායේ සහ රාජ්‍ය ප්‍රතිපත්තිවල අන්තර් සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කරයි.
දේශපාලන ආර්ථික විද්‍යාඥයන් ගෝලීය හා කලාපීය වශයෙන් ක්‍රියාත්මකවන ධනවාදය, සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය වැනි ආර්ථික න්‍යායන් මෙන්ම ඒ මත ගැඹුරින් ක්‍රියාත්මකවන නූතනවාදී ආර්ථික යටත් විජිත කරණය පිළිබඳව කරුණු දක්වයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම සුවිශේෂී සංධිස්ථානයකට ලඟාවෙමින් සිටී.එය ඓතිහාසික වෙන්නේ හේතු කීපයක්ම නිසයි.පසුගිය වකවානුවේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මගට සහ ආර්ථික ස්ථාවරත්වයට බලපෑමක් ඇති කළ හැකි සැලකිය යුතු ආර්ථික සහ දේශපාලන නැගිටීමක් සනිටුහන් කෙරිණි. මෙම වකවානුවේදී විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය යන බල ව්‍යුහයන් දෙකම අන් කවරදාකටත් වැඩියෙන් දෙදරීමට ලක්විණි. නීතියේ අධිපත්‍ය යම් ආකාරයට බිදීගිවද නැවත රට ස්ථාවරත්වයට කැඳවුයේ නීතිය මතිනි.
2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ කම්පනයෙන් ගොඩ එමින් සිටි ගත් ආර්ථිකයට මරු පහරක් වූයේ COVID-19 වසංගතයයි. පාස්කු ප්‍රහාරයන්ට පෙර සිටම
ආර්ථිකය අඩු වර්ධන වේගයන් සහ අඩු ආයෝජක විශ්වාසය හේතුවෙන් එකතැන පලවෙන තත්ත්වයක පැවතිණි. 2019 ජූලි මාසයේදී ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ
මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කිරීම සුවිශේෂී සිදුවීමක් වූ අතරම ඒ මට්ටමින් ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවූයේ එවකට පැවති ආණ්ඩුවේ මූල්‍ය කළමණාකරණයේ පැවැති දුබලතා මෙන්ම ගෝලීය මූල්‍ය වෙළෙඳපොළෙහි ඇති වූ වෙනස්කම් හේතුවෙනි. 2019 සහ 2024 අතර කාලය තුළ රාජ්‍ය මූල්‍ය සහ විදේශ සංචිත මත පීඩනයක් ඇති කළ ප්‍රධානතම හේතුව යුතු ණය ආපසු ගෙවීම සහ ආයෝජන හැරීයාමයි.
පසුගිය ආන්ඩුව ගත් තීන්දු තීරණ හේතුවෙන් රජයේ ආදායම සැලකිය යුතු ලෙස අඩුවූ අතර වියදම් වැඩිවිය. මහ බැංකුව එතෙක් ආර්ථික ස්ථාවරත්වය ඇතිකරගත් බදු ආදායම
පහත වැටුණු අතරම අවස්ථානුකූල නොවන පරිදි බදු කප්පාදුව නිසා මහබැංකුව එතෙක් පවත්වාගෙන ගිය සංචිත ප්‍රමාණය පහත වැටුණු අතරම රුපියලේ අගය කෘත්‍රිමව ස්ථාවර කරගැනීමයාම හේතුවෙන් ඉතිරි ඩොලර් සංචිත ප්‍රමාණයද අහිමිකර ගැනීමට කටයුතු කළේය.
ජනතාව දින ගණනක් ඉන්ධන පෝලිම්වල සිටියදී පවා ආණ්ඩුව ආර්ථික තත්වය අපැහැදිලි කර අමූලික බොරු කීවේය. පැය 12 ක විදුලි කප්පාදුවකට මුහුණ දෙමින්, ඩොලර් හිඟය හේතුවෙන් රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හිඟකම සහ භෝග අස්වැන්නට බලපෑම් කළ බවයි.
විරෝධතාවන් පිළිබඳ අපක්ෂපාතී සමීක්ෂණයකින් හෙළිවී තිබුණේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් (48.5%) තමන් හෝ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයෙකු ආර්ථික අර්බුදයට වගකිව යුතු අයට එරෙහිව සංවිධානය කරන ලද විරෝධතාවලට සහභාගී වී ඇති බවයි.මුලින් කී පරිදි මේ තත්ත්වයන් කලාපීය හෝ ගෝලීය දේශපාලනයේ බලපෑමක් මත සිදුවූවක්ද අදූරදර්ශී තීන්දු තීරණ නිසා ගත්ඒවාදැයි එකින් එක විමසීම දේශපාලන ආර්ථික විශ්ලේෂණයකදී අත්‍යාවශ්‍ය කරුණකි.
රටක් ලෙස ඉදිරියටයාමේදී ඉදිරියේදී එදිනෙදා වියදම් පියවාගන්නා ආකරය පළමුවත් දෙවනුව ආර්ථිකය වර්ධනය කිරීම සඳහා ගනු ලබන කෙටි කාලීන සහ දිගු කාලීන
සැලසුමක් තිබේ. එම සැනසුම නම් අයවැය වාර්තාවයි. මෙම අයවැය වාර්තාව සැකසෙන්නේ ඒ ඒ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති හා දේශපාලන මතවාදය අනුවයි. ඒ සඳහා මුලින් කී දේශපාලන ආර්ථික විද්‍යාව ඉතාමත් වැදගත්වෙයි.
නිදහසින් පසු සිදුවූ දරුණුතම ආරථික බිඳවැටීම මෙන්ම දේශපාලන බිඳවැටීමට පසු ජනාධිපති මැතිවරණයක් අබියස සිටින මේ අවස්ථාවේ උගත් පාඩම් මොනවාදැයි විමසිය යුතුවෙයි. නැවතත් පෝලිම් ඉදිරියට නොයෑමට කලාපීයව මෙන්ම ගෝලීයව ඇතිකරණ ආර්ථික බලපෑම් හමුවේ නොසැලිකටයුතු කළහැකි ආර්ථිකයක් ගොඩනැඟීමට හැකි ප්‍රතිපත්ති ප්‍රකාෂයක් ඉදිරිපත් කරන්නේ කවුරුන්ද? එවන් ප්‍රතිපත්ති ක්‍රියාවට නැන්විය හැකි කන්ඩායම කවුරුන්ද? නුවණින් විමසිය යුතුය.