Sunday, April 20, 2025
Home » ක්ලබ් වසන්තගේ ඝාතනයට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ක්ලබ් වසන්තගේ ඝාතනයට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

by chanaka
August 23, 2024 9:49 pm 0 comment

අතුරුගිරිය ප්‍රදේශයේ දී ක්ලබ් වසන්ත නමැති පුද්ගලයා ඇතුළු තවත් අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 31 සහ 29 වයස් කාණ්ඩවල පසුව පුද්ගලයින් දෙදෙනෙකි.

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු බව පැවසෙන 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ අද(23) දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 29ක් වූ තාරුකර වරුණ ඉන්දික ද සිල්වා නැමැත්තා ද අත්ඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගැනීම සහ වෙඩික්කරුවන් බස්‍ රථයෙන් කතරගම දක්වා රැගෙන යාම ඔහුට එල්ල වී ඇති චෝදනා වන බවයි.

මේ සමග ටී-56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT