Home » මරණ තර්ජන එල්ලකර රු.ලක්ෂ 80 කප්පම් ගන්න ගිය අයෙක් මාට්ටු

මරණ තර්ජන එල්ලකර රු.ලක්ෂ 80 කප්පම් ගන්න ගිය අයෙක් මාට්ටු

by chanaka
August 22, 2024 2:44 pm 0 comment

ධනවත් වයෝවෘද්ධ යුවලකට මරණ තර්ජන එල්ලකර රුපියල් ලක්ෂ 40 ක කප්පමක් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ 30 හැවිරිදි පුද්ගලයෙකි.

ධනවත් මහළු යුවල වසර කිහිපයකට පෙර ඔවුන්ට අයත් ඉඩමක් විකුණා ඇත. සැකකරු මේ පිලිබදව දැනගෙන ඔවුනට මරණීය තර්ජන කර රුපියල් ලක්ෂ 40 කප්පම් මුදලක් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි .

එම යුවල මීට මාස කිහිපයකට පෙරද ඔවුන්ට අයත් වෙනත් ඉඩමක් අධික මිළකට විකුණා ඇත. මේ බව දැනගත් සැකකරු නැවතත් මරණීය තර්ජන එල්ලකර තවත් රුපියල් ලක්ෂ හතලිහක් ඉල්ලා තර්ජනය කල බවට පැමිණිල්ලක් කල බවද බණ්ඩාරගම පොලිසිය පවසයි.

ඒ අනුව පැමිණිලිකාර යුවල ලවා මුදල් ලබාදීමට පැමිණෙන ලෙස දන්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතා ඇතුළු පොලිස් කණ්ඩායම සැගව සිට සැකකරු අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT