Home » අර්බුදයට විසඳුම් ඇති නායකත්වය වැඩසටහන හා කණ්ඩායම ඇත්තේ සජිත් සතුවයි

අර්බුදයට විසඳුම් ඇති නායකත්වය වැඩසටහන හා කණ්ඩායම ඇත්තේ සජිත් සතුවයි

පා.ම. මහාචාර්ය චරිත හේරත්

by sachintha
August 21, 2024 1:53 am 0 comment

රටේ සංවර්ධනය පිළිබඳ අර්බුදයට විසඳුම් ඇති නායකත්වය, වැඩසටහන සහ කණ්ඩායම යන මේ තුනම මෙවර ජනාධිපතිවරණයේදී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා සතුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. චරිත හේරත් මහතා මේ බව කීවේ සමඟි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (19) පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ චරිත හේරත් මහතා මෙසේද සඳහන් කළේය:

“ජනාධිපතිවරණයට තව තිබෙන්නේ මාසයක පමණ කාලයක්. එහිදී ඔබ ගන්නා තීරණය නිශ්චිතව ගන්න. මේ තීරණය මේ මාසයට වැදගත් වන තීරණයක් නෙමෙයි; ඊළඟ අවුරුද්දට, ඊළඟ අවුරුදු පහට, මුළු ජීවිත කාලයටම සමහර විට බලපාන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ජනාධිපතිවරණය සාම්ප්‍රදායිකව ඡන්දය දෙන ජනාධිපතිවරණයක් නෙමෙයි.

“අප හමුවේ විශාල අභියෝගයක් අර්බුදයක් තියෙනවා. මේ රටේ ආර්ථිකය හා දේශපාලනය ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබෙනවා. මේ දෙක අතපසු කරලා කාටවත් යන්න බැරි තැනට රට ඇවිල්ලා. ආර්ථිකමය හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් ගේන්න පුළුවන් නායකත්වය කණ්ඩායම සහ වැඩසටහන දිනවන්න ඕනෑ.

“නායකයා, වැඩසටහන සහ කණ්ඩායම යන මේ තුනම මෙවර ජනාධිපතිවරණයේදී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා සතුවයි. රටේ ජනතාවගේ අර්බුදය පැහැදිලි කරමින් විසඳුම දීමේ වැඩපිළිවෙළ තිබෙන්නෙත් සමඟි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා සතුව. දේශපාලනය අලුත් කරන රටේ සංවර්ධනය පිළිබඳ අභියෝගය අලුත් කරන අර්බුදයට විසඳුම් තිබෙන නායකත්වය සමඟි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා සතුව තිබීම පමණක් නෙවෙයි; එතුමා සතුව ශක්තිමත්ම වැඩසටහන සහ කණ්ඩායම ඉන්නවා.

“සැප්තැම්බර් 21 දේශපාලන අරගලය හුදු දේශපාලන අරගලයක් නෙමෙයි; ඒක ජාතික අරගලයක්. මොකද: රට පස්සට ගෙන යන, රටට බොරු කියන, රට අවුල් කරන දේශපාලනය පරද්දන මැතිවරණයක් තමයි සැප්තැම්බර් 21 පැවැත්වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාට ආර්ථික වැඩසටහනක් නැ. ඔහු එක ඩොලර් සතයක් ලංකාවට අලුත් ආයෝජනයක් හැටියට ගෙනැල්ලා නෑ. පෝට් සිටි එක ගොඩනඟලා නීති හදලා ඔක්කෝම ඉවරයි. එක පර්චස් එකක් කිසිම ආයෝජකයෙකුට මේ අවුරුදු දෙකේ දෙන්න බැරි වෙලා තිබෙනවා. කිසිම ආයෝජනයක් ගෙනැල්ලා නෑ. සම්පූර්ණ බොරු කියන්නේ. ණය වාරික ණය ගෙවන්නේ නැති නිසා ඉතිරි වන ඩොලර් ටිකෙන් ගෑස්, පෙට්‍රල්, ගල්අඟරු ගෙනැල්ලා එදා වේල එහාට තල්ලු කරමින් ඉන්නවා. කිසිම ආර්ථික දැක්මක්, කිසිම ආර්ථික වැඩපිළිවෙළක්, කිසිම අලුත් එකතු කිරීමක් නැති, ඉබාගාතේ යන දේශපාලනයක්, ආර්ථිකයක් තමයි අද රට තුළ ක්‍රියාත්මක වෙන්නේ.”

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT