Monday, April 21, 2025
Home » පුත්තලමට මහ වැසි – පහත් බිම් ජලයෙන් යටවෙයි

පුත්තලමට මහ වැසි – පහත් බිම් ජලයෙන් යටවෙයි

by yasara
August 21, 2024 1:18 pm 0 comment

පුත්තලම ප්‍රදේශයට ලැබුණු අධික වාර්ෂාපතනය නිසා එම ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බව අපදා කළමණාකරණ ඒකකය පවසයි.

මෙම වර්ෂාපතනය (21) වන දින අළුයම් කාලයේ සිට මේ දක්වා නොකඩවා ඇදහැලීම හේතුවෙන් මේ වන විට පුත්තලම නගරයේ පුත්තලම මූලික රෝහල ආනන්ද ජාතික පාසල සහ අවට ස්ථාන රැසක් ජලයෙන් යටව ඇත.

වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් රෙඩ්බානා, ඇතුළු තවත් පහත් බිම් රැසක මාර්ග පද්ධති මෙලෙස  සම්පූර්ණයෙන් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් එහි ගමනා ගමනයට සෘජු බාධා එල්ලවෙමින් පවතින බවයි ජනතාව පවසයා

අදාළ වර්ෂාවත් සමගම ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ස්ථාන කිහිපයකම ගස් පාරට කඩා වැටීමක්ද වාර්තා වන බවයි පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT