Home » රෝහලෙන් පිටව ගිය අයෙක් අතුරුදන්

රෝහලෙන් පිටව ගිය අයෙක් අතුරුදන්

by sachintha
August 19, 2024 12:23 am 0 comment

බකමූණ, නිකපිටිය ගම්මානයේ පදිංචි පී.ජී. සිරිදරා නමැති 62 හැවිරිදි පුද්ගලයකු පොලොන්නරුව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවී ගිය පසු අතුරුදන් වී ඇති බව බකමූණ පොලිසිය කියයි. සිරිදරා නමැති මෙම පුද්ගලයා හදිසියේ රෝගාතුර වී බකමූණ රෝහලට ඇතුළත් වී ඇති අතර, බකමූණ රෝහලෙන් ඔහු පොලොන්නරුව මහ රෝහලට මාරුකර යවා තිබේ. පොලොන්නරුව මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ සිරිදරා පසුගිය 3 වැනි දින සවස 5.00ට පමණ රෝහලින් පිටතට පැමිණි පසු, ඔහු නිකපිටිය නිවෙසට නොපැමිණි බව ද, 3 වැනි දින සිට ඔහු අතුරුදන් වී ඇති බව ද ඥාතීන් බකමූණ පොලිසියට පැමිණිලි කර ඇත.

ඇළහැර – සරත් වෙලගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT