Home » පොහොට්ටුවේ අපේක්ෂක නාමල් කතරගම පුදබිමේ

පොහොට්ටුවේ අපේක්ෂක නාමල් කතරගම පුදබිමේ

by sachintha
August 19, 2024 2:12 am 0 comment

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පා.ම. නාමල් රාජපක්ෂ මහතා පෙරේදා (17) කතරගම පුදබිමට පැමිණියේය.

ප්‍රථමයෙන් කතරගම කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන්වහන්සේ වැඳපුදා ගත් ඒ මහතා අනතුරුව ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබාගෙන කතරගම මහා දේවාලයට ගොස් ආගමික වතාවත්වල නිරත විය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ඩී.වී චානක යන මහත්වරුද සහභාගී වූහ.

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT