Monday, April 21, 2025
Home » ඉන්දියාවේ නාගපට්ටන සිට කන්කසන්තුරේට එන ශිව ගංගී නැව් සේවා යළිත් ඇරඹෙයි

ඉන්දියාවේ නාගපට්ටන සිට කන්කසන්තුරේට එන ශිව ගංගී නැව් සේවා යළිත් ඇරඹෙයි

by sachintha
August 19, 2024 12:34 am 0 comment

ඉන්දියාවේ නාගපට්ටන සිට කන්කසන්තුරේ වරාය දක්වා ‘ ශිව ගංගී නැව් සේවාවෙන්’ ඉන්දියාවේ සිට මගීන් 47 දෙනෙකු පැමිණීමත් සමඟම එම මගී නැව්සේවාව 16 දා යළි ආරම්භ විය.

2023 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම මගී නැව් සේවාව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දැමීමට නැව් සමාගමට සිදු විය.

මුලින්ම මෙම නැව් සේවාව ‘ චෙරියපානී ‘ නැමති සමාගම විසින් පවත්වා ගෙන ගිය අතර මෙවර එම සේවාවන් ලබා ගෙන ඇත්තේ ඉන්දියාවේ ‘ශිවගංගී’ නැව් සේවාවයි.

නව නැව් සේවාව යටතේ ඉන්දියාව හා කන්කසන්තුරේ අතර තනි ගමනකට ගාස්තුව රුපියල් 16500 ක් වන අතර යාමට හා ඒමට ගාස්තුව රුපියල් 34400 කි.

මෙම මගී නෞකාවේ සාමාන්‍ය පන්තියේ ආසන 133 ක් හා අති සුඛෝපභෝගී ආසන 27 ක් වෙයි.

ඉන්දියාවේ සිට කන්කසන්තුරයට ආරම්භක දිනයේ පමිණි ශිවගංගී නෞකාව මගීන් 56 ක් ද රැගෙන එදිනම ආපසු ඉන්දියාව බලා පිටත්ව ගියේය.

මෙම නැව් සේවාව ඉරිදා දිනවල හැර සතියේ අනෙක් සෑම දිනයකදීම ක්‍රියාත්මක වෙයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT