පෞද්ගලික අංශයේ සේවකයන් සහ ස්වයං රැකියාවල නිරත අය වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීරණයට එළැඹෙන බව රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් මහතා පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (18) කොළඹ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“රටක නිෂ්පාදන ක්‍රියාවලිය හා මූලිකවම බැඳී සිටින්නේ පෞද්ගලික අංශය නිසා ඔවුන් සම්බන්ධයෙන් නිශ්චිත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කාලෝචිතයි. ඒ අනුව පෞද්ගලික අංශයේ සේවය කරන සියලුම දෙනාට සහ ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් දිය හැකි අන්දමේ ප්‍රතිපත්තිමය තීරණවලට එළැඹීම ඉදිරියේදී සිදු කෙරෙනවා.”
සුභාෂිණී සේනානායක