Tuesday, April 22, 2025
Home » නැඟෙනහිර රුසියාවේ භූ කම්පනයකින් ගිනි කන්දක් සක්‍රිය වෙයි

නැඟෙනහිර රුසියාවේ භූ කම්පනයකින් ගිනි කන්දක් සක්‍රිය වෙයි

by sachintha
August 19, 2024 1:00 am 0 comment

රුසියාවේ නැඟෙනහිරින් පිහිටි කැම්චට්කා අර්ධද්වීපයේ වෙරළට ඔබ්බෙන් ඊයේ අලුයම රිච්ටර් මාපකයේ 7.0ක භූ කම්පනයක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පළාතේ හදිසි ආපදා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ කිලෝමීටර් 50කට ආසන්න ගැඹුරු මුහුදේ එම භූ කම්පනය සිදුවී ඇති බවය. කෙසේ වුවද, එහි ප්‍රබලත්වය කැම්චට්කා අර්ධද්වීපයේ ලක්ෂ දෙකකට ආසන්න ජනතාව පදිංචිව සිටින අගනුවර ඇතුළු වෙරළ තීරයට තදින්ම දැනී ඇති අතර, මිය ගිය හෝ තුවාල ලැබූ අය සොයා මෙහෙයුම් කණ්ඩායම් සහ ගිනි නිවන හමුදා භටයන් එම ප්‍රදේශයේ ගොඩනැඟිලි පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වේ.

භූ කම්පනයත් සමඟ කැම්චට්කා අගනුවරට කිලෝමීටර් 280ක් පමණ දුරින් පිහිටි ෂිවෙලුච් ගිනි කන්ද සක්‍රිය වී ඇතැයි ද, එහි අළු කිලෝමීටර් 8ක් පමණ ඉහළට විහිදී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ලොව වඩාත්ම සක්‍රිය ගිනි කන්දක් ලෙස සැලකෙන ෂිවෙලුච් ගිනි කන්දෙන් ඊයේ පස්වරුව වන විටත් ලාවා පිටාර ගලමින් තිබූ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT