Saturday, April 19, 2025
Home » ග්‍රාම නිළධාරී විරෝධතාව අවසන්

ග්‍රාම නිළධාරී විරෝධතාව අවසන්

by yasara
August 18, 2024 1:23 pm 0 comment

ග්‍රාම නිලධාරීන් ගෙන ගිය අකුරට වැඩකිරිමේ ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතාව අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

ඉදිරි මැතිවරණ කටයුතු සදහා ඔවුන්ගේ සහයෝගය ලබාදෙන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවන් සහ ග්‍රාම නිලධාරි දිමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස සකස්කර දෙන ලෙස ඉල්ලමින් දිවයින් පුරා ග්‍රාම නිලධාරිවරු මැයි 04 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහ.

ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය විසින් අගෝස්තු 12 වනදා සිට 18 වනදා දාක්වා කළු විරෝධතා සතියක් අරම්භකර තිබුණු අතර එයද අද මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කිරීමට නියමිතව ඇති බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපතිවරයා ප්‍රකාශ කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT