Wednesday, April 23, 2025
Home » දික්වැල්ලට ක්‍රිකට් තහනම්

දික්වැල්ලට ක්‍රිකට් තහනම්

by sachintha
August 17, 2024 1:18 am 0 comment

 

ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් පැනවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් දික්වැල්ලට සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට සහභාගි වීම අත්හිටුවා ඇති බවයි. මේ තහනම දින නියමයක් නොමැතිව නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වන බව ද එහි සඳහන් වේ.

මේ වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් සිදු කරන ලද තහනම් උත්තේජක පරීක්ෂණයකදී ගෝල් මාවර්ල්ස් කණ්ඩායමේ නායකයා ලෙස දික්වැල්ල කටයුතු කළේය.

ක්‍රිකට් තහනම් ද්‍රව්‍යවල බලපෑමෙන් නිදහස්ව පවතින බව සහතික කිරීමටත්, ක්‍රීඩාවේ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහාත් මෙවැනි පරීක්ෂණ සිදු කරන අතර, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් සහ ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (WADA) මාර්ගෝපදේශයන්ට අනුව මේ පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ ඕනෑම චෝදනාවක් ඉහළම මට්ටමින් බැරෑරුම් ලෙස සලකන බවත්, පිරිසිදු හා සාධාරණ ක්‍රීඩාවක් සඳහා වූ කැපවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතිශයින් වැදගත් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT