ස්වාධීන අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම්. ෆවුසි මහත්වරුන්ද තීරණය කර තිබේ.
කුමාර වෙල්ගම මහතා සමඟි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය. කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස තරග වැදීම සඳහා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලා අස් වීමෙන් ඇති වූ පුරප්පාඩුවට ඒ.එච්.එම්. ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සමඟි ජන බලවේගයෙන් තේරී පත් විය.
මේ මන්ත්‍රීවරුන් දෙදෙනාම පොදුජන එක්සත් පෙරමුණු හා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයන්හෙි ප්‍රබල අමාත්‍යධුර හෙබවූ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෝ දෙදෙනෙකි.
නෙත්මි පූජනී රත්නායක