Monday, April 21, 2025
Home » වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස සෝභිත රාජකරුණා පත් කරයි

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස සෝභිත රාජකරුණා පත් කරයි

by yasara
August 16, 2024 2:35 pm 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර ඇත.

ඒ අනුව ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා අද (16) පෙරවරුවේ වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා දිවයිනෙන් බැහැරවීම හේතුවෙන් ඒ මහතා නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්කිරීම සිදුකර තිබෙයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT