දඹුල්ල – බකමූණ ප්‍රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේදී බකමූණ පොලිසියේ නිළධාරින් කීපදෙනෙකු විසින් ඊයේ ( 15 ) රාත්‍රී 11.45 ට පමණ සිදු කරන ලද වෙඩි ප්‍රහාරයකින් වන අලියෙකු මියගොස් ඇති බව ඇලහැර වනජීවී කාර්යාලය පවසයි.
එම වන අලියාට වෙඩි තබා ඇත්තේ බකමූණ පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් සාන්ත මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ උස අඩි අටකින් යුත් පිරිමි වන අලියෙකි.
පොලීසියට අයත් ත්‍රීවිල් රථයෙන් රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිළධාරීන් කිහිපදෙනාට වන අලියා පහරදීමට යෑමේදී පොලිස් නිළධාරීන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවට වෙඩි තබා ඇති බව මේවන විට අනාවරණය වී තිබෙයි.
වෙඩි ප්‍රහාරයෙන් මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කළුගුආරච්චි මහතා ඇතුළු වනජීවි නිලධාරීන් විසින් අද දහවල් සිදුකිරීමට නියමිතය.