Wednesday, April 23, 2025
Home » ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවවේද විද්‍යාඥයන්ගේ විද්‍යාලය කාලීන අවශ්‍යතා වෙනුවෙන් කරන කැපවීම අගයනවා

ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවවේද විද්‍යාඥයන්ගේ විද්‍යාලය කාලීන අවශ්‍යතා වෙනුවෙන් කරන කැපවීම අගයනවා

by mahesh
August 16, 2024 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

බෝවන රෝග ආසාදන වැළැක්වීම, පාලනය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදී කාලීන අවශ්‍යතා ඉටු කිරීමට ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවවේද විද්‍යාඥයන්ගේ විද්‍යාලය කටයුතු කිරීම අගය කළ යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවවේද විද්‍යාඥයන්ගේ විද්‍යාලයේ 33 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේ සමාරම්භක උත්සවය පසුගියදා (13) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවති අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“2024 වර්ෂය සඳහා කාලීන තේමාවක් අනුව ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීව විද්‍යාඥයන්ගේ විද්‍යාලය කටයුතු කර තිබෙනවා. කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් මෙරට සෞඛ්‍ය සේවාව ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. ඒ සඳහා සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මහත් කැපවීම් සිදු කළා.”

මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යා‌ලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නිලීකා මලවිගේ, ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීව විද්‍යා විද්‍යාලයේ (2023-2024) සභාපති, සායනික ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ උපදේශිකා වෛද්‍ය මලිකා කරුණාරත්න, ලේකම් වෛද්‍ය නාමල් ජයවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවවේද විශේෂඥ වෛද්‍යවරු එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT