Tuesday, April 22, 2025
Home » පාසල් සිසුවියකගේ අපයෝජන සිද්ධියක් ගැන විදුහල්පතිනියගෙන් පැමිණිල්ලක්

පාසල් සිසුවියකගේ අපයෝජන සිද්ධියක් ගැන විදුහල්පතිනියගෙන් පැමිණිල්ලක්

පෙම්වතා අත්අඩංගුවට: වෛද්‍ය පරීක්ෂණයකට දැරිය රෝහලට

by mahesh
August 16, 2024 1:00 am 0 comment

සූරියවැව විශේෂ - නුවන් ජයසේකර

මාස හයකට පෙර සිය පාසලේ 11 ශ්‍රේණියේ සිසුවියක පෙම්වතා විසින් අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කතරගම පිහිටි ප්‍රධාන පාසලක විදුහල්පතිනියක් විසින් කතරගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව 19 හැවිරිදි තරුණයකු කතරගම පොලිසිය විසින් පෙරේදා (14) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රජ මාවත‍, කතරගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි. විදුහල්පතිනිය විසින් කතරගම පොලිස් ස්ථානය වෙත පැමිණ මේ පැමිණිල්ල කර තිබේ. ඒ අනුව විමර්ශන පැවැත් වු කතරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් අදාළ දැරිය පොලිස් ස්ථානයට ගෙන්වා කළ ප්‍රශ්න කිරීමකදී අනාවරණය වී ඇත්තේ දැරිය 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි වියේ පසුවන්නියක් බවය. අදාළ බාලවයස්කාර දැරිය කතරගම ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව ද අනාවරණය වී ඇත. පසුව එම තරුණයා මේ බාලවයස්කාර දැරිය කතරගම, දෙටගමුව පිහිටි සෙල්ටන් කන්ද වෙත රැගෙන ගිය බව ද පවසා ඇත. එහිදී තමන්ට ලිංගික හිරිහැරයක් නොවූ බවත්, ඇඳුම් ගලවා සිප වැලඳ ගැනීම පමණක් සිදු වූ බවත් පොලිසියට පවසා තිබේ. දැරිය වෛද්‍ය පරීක්ෂණයකට රෝහල් ගත කර තිබේ. පැමිණිල්ලට අනුව සැකකාර තරුණයා කතරගම පොලිසිය විසින් පෙරේදා (14) රාත්‍රියේම අත්අඩංගුවට ගත් අතර ඔහු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT