Home » ශ්‍රී පුර වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ශ්‍රී පුර වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by yasara
August 16, 2024 7:31 am 0 comment

අද (16) අලුයම සිදු කළ වෙඩිතැබීමකින් ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී  පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ  26 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

මෙම පුද්ගලයා  කාවන්තිස්ස පුර, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT