Home » බංග්ලා­දේ­ශයේ අන්ත­ර්වාර රජයේ කාල­සී­මාව වැඩි­වීම හමුදා පාල­න­ය­කට අත වැනී­මක්

බංග්ලා­දේ­ශයේ අන්ත­ර්වාර රජයේ කාල­සී­මාව වැඩි­වීම හමුදා පාල­න­ය­කට අත වැනී­මක්

ජාත්‍ය­න්තර දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­යෝ අන­තුරු අඟ­වති

by Gayan Abeykoon
August 15, 2024 1:25 am 0 comment

බංග්ලා­දේ­ශයේ අන්ත­ර්වාර රජය දිගු කාල­යක් පැවැ­තීම එරට හමුදා පාල­න­යක් ස්ථාපිත වීමේ අව­දා­න­මක් මතු­වන බවට අනා­වැකි පළ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජාත්‍ය­න්තර දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­යකු හා තීරු ලිපි රච­ක­යකු වන මයි­කල් කූග­ල්මන් එම අනා­වැ­කිය පළ කර ඇති අතර, ස්වාධීන පර්යේ­ෂණ සම්බ­න්ධව අමෙ­රි­කාවේ පිහිටි විල්සන් මධ්‍ය­ස්ථා­නයේ දකුණු ආසි­යා­තික කලා­පයේ අධ්‍ය­ක්ෂ­ව­රයා ද වන කූග­ල්මන් වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇත්තේ අන්ත­ර්වාර රජයේ හසී­නාගේ අවාමි ලීග් පක්ෂයේ කිසිදු නියෝ­ජි­ත­යකු හෝ නොමැති බැවින් ඉදි­රි­යේදී පැවැ­ත්වෙන ඕනෑම මැති­ව­ර­ණ­ය­කදී එම පක්ෂ­යට වැඩි වාසි­යක් ද ලැබෙනු ඇති බවය.

ඉන්දි­යාවේ ඒඑ­න්අයි පුවත් සේවය සමඟ සම්මුඛ සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින් ජාත්‍ය­න්තර දේශ­පා­ලන විශ්ලේ­ෂක කූග­ල්මන් මේ අන­තුරු ඇඟ­වීම සිදු කර තිබේ.

මේ වන විට බංග්ලා­දේ­ශයේ යුද හමු­දාව මීට පෙර හසීනා බලයේ සිටි­යදී පැවැති තත්ත්ව­යට වඩා වෙනස් පසු­බි­මක තිබෙන බවත්, අවාමි ලීග් රජය බලයේ සිටි 2009 සිට පසු­ගි­යදා රාජ්‍ය බලය බිඳ වැටෙ­න­තුරු බැරැ­ක්ක­වල සිරවී සිටි එරට හමු­දාව මේ වන­විට වඩාත් ශක්ති­මත් ආකා­ර­යෙන් හැසි­රෙ­මින් සිටින බවත් ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. මේ වන විට බංග්ලා­දේ­ශයේ පව­තින දැඩි දේශ­පා­ලන අස්ථා­ර­ව­භා­වය එරට හමු­දා­වට බල­යට පත්වී­මට අවශ්‍ය පසු­බිම නිර්මා­ණය කර­මින් තිබෙන බවට ඔහු අන­තුරු අඟවා තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT