Home » හසී­නාගේ රජය බිඳ වැටී­මෙන් පසු බංග්ලා­දේශ ක්‍රිකට් ලොක්කා ආගිය අතක් නෑ

හසී­නාගේ රජය බිඳ වැටී­මෙන් පසු බංග්ලා­දේශ ක්‍රිකට් ලොක්කා ආගිය අතක් නෑ

by Gayan Abeykoon
August 15, 2024 1:13 am 0 comment

ෆවුස් මොහො­මඩ්

සර­සවි සිසුන්ගේ විරෝ­ධතා සහ එරට ප්‍රචණ්ඩ ක්‍රියා මැද අග­මැ­ති­නිය ෂෙයික් හසීනා රටින් පිට­වී­මෙන් පසු බංග්ලා­දේ­ශයේ ක්‍රිකට් සභා­පති නස්මුල් හසන් ද අතු­රු­දන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හසී­නාගේ අවාමි ලීග් රජයේ ක්‍රීඩා ඇමැ­ති­ව­රයා ලෙසත් කට­යුතු කළ නස්මුල් හසන්ට අම­ත­රව එම පක්ෂය සමඟ ඍජු සම්බ­න්ධතා තිබූ සහ නොතිබූ බංග්ලා­දේශ ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ අධ්‍ය­ක්ෂ­ව­රුන් ද අතු­රු­දන් වී සිටින බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

කෙසේ වුවද ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලයේ (අයි­සීසී) සාමා­ජි­ක­ත්වය ලැබූ ක්‍රීඩා සංග­ම­යක් වන බංග්ලා­දේශ ක්‍රිකට් පාලක මණ්ඩ­ලය පව­ත්වා­ගෙන යෑම සඳහා අන්ත­ර්වාර කමි­ටු­වක් පත් කිරීමේ අව­ධා­නය යොමු වී ඇතැයි බංග්ලා­දේශ අන්ත­ර්වාර රජයේ යෞවන හා ක්‍රීඩා කට­යුතු උප­දේ­ශක අසීෆ් මහ්මූද් ප්‍රකාශ කර තිබේ. අන්ත­ර්වාර ක්‍රිකට් කමි­ටු­වක් පත් කිරී­මෙන් බංග්ලා­දේ­ශය අයි­සී­සීයේ තහ­න­මට ලක් වීමේ අව­දා­න­මක් ඇති බැවින් මේ සම්බ­න්ධව අයි­සීසී නීති­රා­මුව ඇතු­ළත ඉදිරි පිය­වර ගැනී­මට අන්ත­ර්වාර රජයේ අව­ධා­නය යොමුවී ඇතැයි වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT