මධ්‍යම පළාතේ පාසල්වල චෙස් ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කර ඔවුනට සහතික හා ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් පසුගියදා කටුගස්තොට පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලේදි පැවත්විණි. මහනුවර දිස්ත්‍රික් චෙස් සංගමය විසින් ප්‍රථම වතාවට සංවිධාන කර තිබුණු මේ උත්සවයේදී මධ්‍යම පළාතෙන් බිහිව ජාත්‍යන්තරය දක්වා ගිය චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා චෙස් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කළ අයවලුන් ඇගයීමට ලක් කෙරිණි. මේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, මහනුවර දිස්ත්‍රික් චෙස් සංගමයේ සභාපති රජින්ද්‍ර කළුගම්පිටිය යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.