Monday, April 21, 2025
Home » උතුරු දුම්රිය මාර්ගයේ ඉදි­කි­රීම් අව­සන් අදි­ය­රයේ

උතුරු දුම්රිය මාර්ගයේ ඉදි­කි­රීම් අව­සන් අදි­ය­රයේ

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

අඹ­න්පොළ විශේෂ - සකු­න්තලා ජය­සිංහ

අ‍ෙම­රි­කානු ඩොලර් මිලි­යන 61ක විය­ද­මින් ඉන්දි­යානු ණය ආධාර යටතේ නවී­ක­ර­ණය කරනු ලබන උතුරු දුම්රිය මාර්ගයේ ඉදි­කි­රීම් කට­යුතු අව­සන් අදි­යරේ පව­තින බව ව්‍යාපෘති බල­ධා­රිහු පව­සති. අදි­යර කිහි­ප­යක් යටතේ ඉදි­කි­රීම් ආරම්භ කරන ලද මෙම උතුරු දුම්රිය මාර්ගයේ ඕමන්තේ සිට වව්නි­යාව, වව්නි­යාව සිට අනු­රා­ධ­පුර, අනු­රා­ධ­පුර සිට මහව දක්වා අදි­යර තුනක් වශ­යෙන් බෙදා තිබිණි. මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි එන්. ජේ. ඉදි­පො­ළගේ මහතා කියා සිටි­යේය. මෙම ව්‍යාපෘ­තිය යටතේ දුම්රිය ස්ථාන 06ක් නවී­ක­ර­ණය කරන අතර පැයට කිලෝ­මී­ටර් 100ක වේග­යෙන් ගමන් කළ හැකි පරිදි ඉතා­මත් සුව­ප­හසු දුම්රිය ගමනා ගම­න­යක් ජන­තා­වට ලබා­දී­මට අවශ්‍ය තාක්ෂ­ණික ක්‍රම­වේ­ද­යන් රැසක් මෙම ව්‍යාපෘ­ති­යට එක්කර ඇතැයි මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් ව්‍යාපෘති අධ්‍යක්ෂ චින්තක ජය­සේ­කර මහතා කියා සිටි­යේය.   වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අධ්‍ය­ක්ෂ­ව­රයා කිලෝ­මී­ටර් 128ක් වූ පැරණි දුම්රිය මාර්ගය සම්පූ­ර්ණ­යෙන්ම ඉව­ත්කර නව දුම්රිය මාර්ගය සවි­කර ඇති බවත් යාන්ත්‍රික සංඥා පද්ධ­ති­යක්, වර්ණ සංඥා පද්ධ­ති­යක් සහ පැයට කිලෝ­මි­ටර් 100ක වේග­යෙන් ධාව­නය කළ හැකි සහ දුම්රි­යක ගමන් කිරී­මේදී අධික ලෙස ගැස්සීම වළක්වා ගමන් සුව­ප­හ­සුව ඇති කිරී­මත් සඳහා සිය­ලුම දුම්රිය පීලි වැද්දුම් තාක්ෂ­ණය යටතේ සවි­කර පීලි අතර ප්‍රසා­ර­ණය වීම සහ කම්ප­නය උරා ගැනී­මත් එම­ඟින් පීලි පහත් වීම, ගැස්සීම සහ ක්ෂය වීම වැළැ­ක්වී­ම­ටත් අවශ්‍ය විශේෂ තාක්ෂ­ණික ක්‍රම උප­යෝගි කර­ගෙන මෙම ඉදි කිරීම් සිදු කර ඇතැයි ව්‍යාපෘති අධ්‍ය­ක්ෂ­ව­රයා වැඩි­දු­ර­ටත් පැහැ­දිලි කළේය. මෙම නවී­ක­රණ කට­යු­තු­ව­ලින් පසු උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ඇර­ඹී­මෙන් පසු මෙතෙක් පැවති ගමන් වාර ප්‍රමා­ණය ද වැඩි කිරී­මට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු සැල­සුම් කර තිබේ. එමෙන්ම අනු­රා­ධ­පුර දුම්රිය ස්ථානය මෙහෙ­යුම් මධ්‍ය­ස්ථා­න­යක් ලෙස පව­ත්වා­ගෙන යාම­ටත් මෙම­ඟින් අපේ­ක්ෂිත බව ව්‍යාපෘති අංශය පව­සයි. උතුරු දුම්රිය මාර්ගය ජනතා අයි­ති­යට පත් වීමෙන් පසු සංචා­රක කර්මා­න්තයේ ප්‍රව­ර්ධ­න­යට ද එම­ඟින් පිටි­ව­හ­ලක් වනු ඇති අතර උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රි­යෙන් ගමන් කිරී­මෙන් මෙතෙක් ජන­තා­වට පැවති ගැටලු රැස­කට තිර­සර විසැ­ඳුම් ලැබෙනු ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT