Home » නතර කර තිබූ ලොරි රථ­යක යතු­රු­පැ­දිය හැපී දෙදරු පියා මරුට

නතර කර තිබූ ලොරි රථ­යක යතු­රු­පැ­දිය හැපී දෙදරු පියා මරුට

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

සිරි­පුර මදු­ශානි අබේ­සිංහ

පොලොන්න­රුවෙ-අර­ල­ගං­විල ප්‍රධාන මාර්ගයේ මැද­ගම ප්‍රදේ­ශයේ පසු­ගි­යදා (13) රාත්‍රියේ අර­ල­ගං­විල සිට මැද­ගම ප්‍රදේ­ශ­යට ගමන් කර­මින් තිබූ යතු­රු­පැ­දි­යක් නතර කර තිබූ ලොරි රථ­යක ගැටී සිදු වූ අන­තු­රෙන් එම යතුරු පැදියේ ගමන් ගත් පුද්ග­ලයා එම ස්ථාන­යේ­දීම මිය­ගොස් ඇති බව අර­ල­ගං­විල පොලිසිය පව­සයි. මෙලෙස මිය­ගොස් ඇත්තේ අර­ල­ගං­විල අංක 151/01, මැද­ගම, දේව­ගල, ලිපි­නයේ පදිං­චිව සිටි 49 වියැති එච්.එම්. සෙන­වි­රත්න නමැති දෙදරු පියෙකි.

අන­තුර සම්බ­න්ධ­යෙන් ලොරි රථයේ රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගෙන 14 වැනිදා පොලොන්න­රුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කරන බව අර­ල­ගං­විල පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඉඳු­නිල් හේම­පාල මහතා අප කළ විම­සී­ම­කදී පැව­සීය. පොලො­න්න­රුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නිශාන් ද සිල්වා මහ­තාගේ උප­දෙස් මත අර­ල­ගං­විල පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඉඳු­නිල් හේම­පාල මහතා ඇතුළු පොලිස් රථ වාහන අංශයේ පොලිස් නිල­ධාරී කණ්ඩා­ය­මක් විසින් මේ පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT