Home » දලු රැගෙන ගොස් මුදල් ගෙවා නෑ කුඩා තේ වතු­හි­මියෝ පොලිසි යති

දලු රැගෙන ගොස් මුදල් ගෙවා නෑ කුඩා තේ වතු­හි­මියෝ පොලිසි යති

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජය­ලත්

 

 

ඉංගි­රිය ප්‍රදේ­ශයේ තේ කර්මාන්ත ශාලා­වක් මඟින් කෑගල්ල ප්‍රදේ­ශයේ කුඩා තේ වතු හිමි­ය­න්ගෙන් මැයි මාසයේ සිට මේ දක්වා රුපි­යල් ලක්ෂ 60ක පමණ දලු රැගෙන ගොස් මුදල් ගෙවා නැතැයි පවසා කෑගල්ල පොලිස් වසමේ පන්දෙ­ණිය, වතුර, කෙහෙල් වත්ත, අල­ප­ලා­වල ප්‍රදේ­ශයේ කුඩා තේ වතු හිමි­යන් පිරි­සක් ඉකුත් ජූලි මස කෑගල්ල මූල­ස්ථාන පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර තිබේ. වසර ගණ­නා­වක සිට ඉංගි­රිය ප්‍රදේ­ශයේ තේ කර්මාන්ත ශාලා­ව­කට පන්දෙ­ණිය ඇතුළු ප්‍රදේශ ගණ­නා­වක තේ දලු මිලට දී ඇති අතර රුපි­යල් 150 සිට රුපි­යල් 200 දක්වා විවිධ මිල ගණන් යටතේ කුඩා තේ වතු හිමි­ය­න්ගෙන් සති­පතා දලු එකතු කර දලු ලබා­ගත් බවට රිසි­ට්ප­තක් ද නිකුත් කර ඇති අතර මාසය අව­සා­නයේ එක­වර මුදල් බැංකු­ගත කර තිබේ. ඉංගි­රිය තේ කර්මාන්ත ශාලාව මඟින් බුල­ත්කො­හු­පි­ටිය වෑගල්ල ප්‍රදේ­ශයේ පුද්ග­ල­යෙක් දලු එකතු කිරී­මට සති­පතා පැමිණ ඇති අතර සෑම මසක් අව­සා­න­යෙ­හිම හිඟ­ය­කින් තොරව මුදල් ගෙවීම හේතු­වෙන් ඇතිවූ විශ්වා­සය මත තම දලු ඉංගි­රිය තේ කර්මාන්ත ශාලා­වට දුන් බව කුඩා තේ වතු හිමි­යන් සිදු කරන ලද පැමි­ණිල්ලේ සඳ­හන් කර තිබේ.

ඒ අනුව ඉංගි­රිය තේ කර්මාන්ත ශාලාවේ බල­ධා­රි­යෙකු ජූලි 13 වැනිදා කෑගල්ල මූල­ස්ථාන පොලි­සියේ විවිධ පැමි­ණිලි අංශ­යට කැඳවා තිබුණි. එහිදී බල­ධා­රියා පොලි­සිය හා කුඩා තේ වතු හිමි­ය­න්හට පවසා ඇත්තේ අගෝස්තු මස 10 වැනි දිනට පෙර ගෙවී­මට ඇති මුදල් ලබා­දෙන බවය. නමුත් තමන්ට කිසිදු මුද­ලක් නොදුන් බවත් දලු එකතු කර­න්නාගේ හා බල­ධා­රි­යාගේ දුර­ක­තන අංක ද විසන්ධි කර ඇති බවත් දන්වා කුඩා තේ වතු හිමි­යන් විසින් නැව­තත් කෑගල්ල මූල­ස්ථාන පොලි­සියේ විවිධ පැමි­ණිලි අංශ­යට පැමිණ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පසු­ගිය දිනෙක (13) දන්වන ලදී. මෙම පැමි­ණි­ල්ලෙහි විම­ර්ශන කට­යුතු කෑගල්ල මූල­ස්ථාන පොලි­සියේ විවිධ පැමි­ණිලි අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඩබ්ලිව්. පී. වීර­සිංහ මහතා විසින් සිදු කෙරිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT