පස්සර නගරයේ ඇති කුළුබඩු එකතු කරන වෙළෙඳසලක් පසුගිය දිනෙක (13) රාත්‍රියෙහි කඩා එහි තිබූ රුපියල් ලක්ෂ හතරකට වැඩි වටිනාකමකින් යුත් ගම්මිරිස් හා කරුංකා තොගයක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. පස්සර – හිඟුරුකඩුව මාර්ගයේ පොළ භුමිය ආසන්නයේ පිහිටා ඇති මෙම වෙළෙඳසල රාත්‍රියෙහි වසා නිෙවසට ගොස් ඇති අතර පසු දින පෙරවරුවේ එම වෙළෙඳසලට නැවත පැමිණි අවස්ථාවේ දී එහි දොර කඩා දමා ඇති අයුරු දැක ඒ පිළිබඳව පස්සර පොලිසිය වෙත පැමිණිල්ලක් කළ බව පොලිසිය පැවසීය.ඉන් අනතුරුව පොලිස් අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී කඩය තුළ තිබූ ලක්ෂ හතරක පමණ වටිනාකමකින් යුත් ගම්මිරිස් ,කරුංකා සහ පුවක් ගෝණි කිහිපයක් සොරුන් විසින් රැගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය සදහන් කරයි.බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත , සහකාර පොලිස් අධිකාරි දිලිප් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රපොප පියරත්න ඒකනායක මහතා විසින් මේ පිළිබඳව වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබයි.