Home » ආදිවාසීන් දළදා සමිඳු වෙනුවෙන් මී පැණි පූජාව සිදු කරයි

ආදිවාසීන් දළදා සමිඳු වෙනුවෙන් මී පැණි පූජාව සිදු කරයි

by yasara
August 15, 2024 2:36 pm 0 comment

ආදිවාසීන් දළදා සමිඳු වෙනුවෙන් සිදු කරන මී පැණි පූජාව අද (15) පෙරවරුවේ දී මාළිගා පරිශ්‍රයේ දී සිදුවිය.

ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර දිනයේ, ආදිවාසි ජනතාව විසින් දළදා හාමුදුරුවන්ට මහත් භක්තියෙන් යුතුව පෞරාණික චාරිත්‍රයක් ලෙස මී පැණි පූජාව සිදුකරති.

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රධාන ආදිවාසී ජනතාව විසින් මේ වසරේ ද එම චාරිත්‍රය මෙලෙස ඉටුකළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT