Saturday, April 19, 2025
Home » ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ දී විදී සංචාරය කෙරේ

ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ දී විදී සංචාරය කෙරේ

by yasara
August 15, 2024 1:39 pm 0 comment

dalada news

ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍ය‍යේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (15) රාත්‍රියේදි වීදි සංචාරය කෙරෙයි.

ඒ පස්වරු 6.45 ට යෙදෙන සුභ මොහොතිනි.

අවසන් රන්දෝලි පෙරහැර ලබන 19 වනදා රාත්‍රියේ වීදි සංචාරය කිරිමටයි නියමිතය.

පළමු රන්දෝලි පෙරහැර අද දළදා වීදිය  , ඩී එස් සේනානායක වීදිය පන්සල පාරෙන් ඉහළට පැමිණ කොළඹ වීදිය , ඊ එල් සේනානායක වීදිය ,හරස් වීදිය ,ඩි එස් සේනානායක වීදිය , රජ වීදිය ඔස්සේ ඉහළට පැමිණ ගෙවැදීමට නියමිත බවයි දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා සදහන්  කළේය.

ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර පසුගිය 10 වනදා සිට දින 5 ක් වීදි සංචාරය කෙරුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT