Wednesday, April 23, 2025
Home » ත්‍රි’මල-පුල්මුඩේ මුහුදු තීරයේ රතු කකු­ළු­වන්ට අපල කාල­යක්

ත්‍රි’මල-පුල්මුඩේ මුහුදු තීරයේ රතු කකු­ළු­වන්ට අපල කාල­යක්

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

අමායා රන්දුනු

ත්‍රිකු­ණා­ම­ලයේ සිට පුල්මුඩේ මුහුදු තීරයේ රතු කකු­ළු­වන් අති­වි­ශාල පිරි­සක් මිය­යෑම මුහුදු ජලයේ ලවණ අඩු වීමක් නිසා සිදු වූවක් බව නාරා ආය­තන‍යේ, අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය අරු­ලා­න­න්දන් මහතා පව­සයි.

මෙය බොහෝ විට නිරි­ත­දිග මෝසම් කාලය සමඟ සිදු වන සාමාන්‍ය ක්‍රියා­ව­ලි­යක් බව ද ඒ මහතා කියයි. ”කකු­ළු­වන් මිය­යෑම සිදු වූ ත්‍රිකු­ණා­ම­ලය Dutch bay ප්‍රදේ­ශයේ මිය­ගිය කකු­ළු­වන්ගේ හා මුහුදු ජලයේ සාම්පල අප පරී­ක්ෂා­වට ලක් කළා. මෙය සාමා­න්‍ය­යෙන් සෑම වස­ර­කම ජූනි, ජූලි, අගෝස්තු මාස­ව­ලදී සිදු වන ක්‍රියා­ව­ලි­යක් නමුත් මේ වසරේ අසා­මාන්‍ය ලෙස කකු­ළු­වන් මිය­යෑ­මක් සිදු වී තිබෙ­නවා. රතු කකු­ළු­වන් මිය­ගොස් ඇත්තේ මුහුදු ජලයේ ලවණ ඌන­තා­වක් නිසා බවත්, දකුණු මුහුදු සීමාවේ මෙවැනි ක්‍රියා­ව­ලි­යක් සිදු වන්නේ මුහුදු මට්ටමේ යට තිබෙන ජලය මුහුදු මට්ට­මින් උඩට පැමි­ණීම ( up welling) නිසා සිදු වන ඔක්සි­ජන් ඌන­තා­වක් හේතු­වෙන් බවත් පර්යේ­ෂණ මඟින් තහ­වුරු වී තිබෙ­නවා” යැයි ද ආචාර්ය අරු­ලා­න­න්දන් මහතා දින­මිණ කළ විම­සු­ම­කදී අනා­ව­ර­ණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT