Home » මැති­ව­රණ පැමි­ණිලි 408ට නඟී

මැති­ව­රණ පැමි­ණිලි 408ට නඟී

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

ගතවූ පැය 24ක කාලය තුළ මැති­ව­රණ පැමි­ණිලි 42ක් ලැබී ඇති බව මැති­ව­රණ කොමි­ෂන් සභාව පව­සයි.

ජාතික මැති­ව­රණ පැමි­ණිලි කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­න­යට පැමි­ණිලි 20ක් සහ දිස්ත්‍රික් මැති­ව­රණ පැමි­ණිලි කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­න­යට පැමි­ණිලි 22ක් ලෙස නීති උල්ලං­ඝ­නය කිරීම් සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි 37ක් සහ වෙනත් පැමි­ණිලි 05ක් ලෙස සමස්ත පැමි­ණිලි 42ක් ලැබී ඇති බව සඳ­හන්ය. මේ අතර පසු­ගිය ජූලි 31 සිට ඊයේ (14) පෙර­ව­රුව දක්වා සමස්ත පැමි­ණිලි 408ක් ලැබී ඇති බව මැති­ව­රණ කොමි­ෂන් සභාව සඳ­හන් කළේය. මෙහිදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමි­ණි­ල්ලක් වෙනත් පැමිණි 15ක් සහ නීති­රීති උල්ලං­ඝ­නය කිරීම් සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි 392ක් ලැබී ඇති බව ද කොමි­සම වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT