Home » නව තානා­ප­ති­වරු 6ක් ඇතුළු ඉහළ නිල­ධා­රින් සිව්දෙ­නෙක් පත් කිරී­මට කාරක සභා නිර්දේශ

නව තානා­ප­ති­වරු 6ක් ඇතුළු ඉහළ නිල­ධා­රින් සිව්දෙ­නෙක් පත් කිරී­මට කාරක සභා නිර්දේශ

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

ස්වර්ණා විජේ­කෝන් සහ සන්ධ්යා කරු­ණා­රත්න

නව තානා­ප­ති­ව­රුන් හය දෙනෙක්, මහ­කො­ම­සා­රි­ස්ව­ර­යෙක්, අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන් දෙදෙ­නෙක් සහ ව්‍යව­ස්ථා­පිත ආය­තන සභා­ප­ති­ව­ර­යෙක් පත් කිරී­මට උසස් නිල­තල පිළි­බඳ කාරක සභාවේ නිර්දේ­ශය ලබා දී තිබේ. පාර්ලි­මේ­න්තු­වේදී පසු­ගි­යදා රැස් වූ උසස් නිල­තල පිළි­බඳ කාරක සභාවේ දී මේ නිර්දේ­ශය ලැබී ඇත. ඒ අනුව ඉන්දු­නී­සි­යානු ජන­ර­ජයේ ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා ලෙස එස්.ඒ.පී.පී. සේරම් මහ­ත්මි­යගේ නම ද කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා ලෙස ආර්.එස්.කේ. අසාර්ඩ් මහ­ත්මිය‍ගේ නම ද රුසි­යානු සමූ­හා­ණ්ඩුවේ ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා ලෙස එස්.කේ. ගුණ­සේ­කර මහ­ත්මි­යගේ නම ද ඊජිප්තු අරාබි ජන­ර­ජයේ ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා ලෙස ඒ.එස්.කේ. සෙන­වි­රත්න මහ­තාගේ නම ද ඉරාන ඉස්ලා­මීය ජන­ර­ජයේ ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා ලෙස එන්.එම්. ෂහීඩ් මහ­තාගේ නම ද බහ­රේන් රාජ­ධා­නියේ ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා ලෙස වයි.කේ. ගුණ­සේ­කර මහ­ත්මි­යගේ නමද නව­සී­ල­න්තයේ ශ්‍රී ලංකා මහ­කො­ම­සා­රි­ස්ව­රයා ලෙස එස්.පී. වල්පිට ගමගේ මහ­තාගේ නමද උසස් නිල­තල පිළි­බඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.

ඊට අම­ත­රව පරි­සර අමා­ත්‍යාං­ශයේ නව ලේක­ම්ව­රයා ලෙස බී.කේ.පී. චන්ද්‍ර­කීර්ති මහතා පත් කිරී­මට සහ කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ නව ලේක­ම්ව­රයා වශ­යෙන් එස්. වීර­සිංහ මහතා පත් කිරී­මට ද උසස් නිල­තල පිළි­බඳ කාරක සභාවේ නිර්දේ­ශය ලබා දී තිබේ.

ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති සහ ප්‍රධාන විධා­යක නිල­ධා­රියා ලෙස ආචාර්ය ඩී.ටී.කේ. බර්නාඩ් මහතා පත් කිරී­මට ද උසස් නිල­තල පිළි­බඳ කාරක සභාව නිර්දේශ ලබා දී තිබේ.

කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් රැස් වූ උසස් නිල­තල පිළි­බඳ කාරක සභා­වට, කාරක සභා සාමා­ජික පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ජෝන් සෙනෙ­වි­රත්න, අනුර ප්‍රිය­ද­ර්ශන යාපා, රිෂාඩ් බදි­යු­දීන්, තලතා අතු­කෝ­රළ, උදය ගම්ම­න්පිල මහත්ම මහ­ත්මීහු සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT