Sunday, April 20, 2025
Home » විදු­හ­ල්පති ඇතුළු ගුරු­වරු 4ට ඇප
තණ­ම­ල්විල දැරිය දූෂ­ණය කිරීම

විදු­හ­ල්පති ඇතුළු ගුරු­වරු 4ට ඇප

by Gayan Abeykoon
August 15, 2024 1:23 am 0 comment

සූරි­ය­වැව විශේෂ නුවන් ජය­සේ­කර, ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස් ගුණ­ති­ලක, වැල්ල­වාය විශේෂ අයි.ආර්. ගරු­සිංහ

සිය පාසලේ අධ්‍යා­ප­නය ලබන 16 හැවි­රිදි සිසු­වි­යක, සිසුන් පිරි­සක් අතින් දූෂ­ණය වීමක් වසන් කිරී­මට කට­යුතු කළ බවට වූ චෝදනා මත අත්අ­ඩං­ගු­වට ගත් තණ­ම­ල්විල පිහිටි ප්‍රසිද්ධ පාස­ලක විදු­හ­ල්පති, නියෝජ්‍ය විදු­හ­ල්පති ඇතුළු ගුරු­ව­රුන් සිව් දෙනා වැල්ල­වාය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඊයේ (14) ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රුපි­යල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරී­මට මහේ­ස්ත්‍රාත් චතුර දිසා­නා­යක මහතා නියෝග කළේය.

මෙලෙස ඇප මත නිද­හස් කෙරුණේ  විදු­හ­ල්ප­ති­ව­රයා, නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­ව­රයා, විනය කමි­ටුව භාර ගුරු­ව­රි­යක හා උප­දේ­ශන ගුරු­ව­රි­යයි. මෙම සිදු­වී­මට අදා­ළව තණ­ම­ල්විල කලාප අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ව­ර­යා­ගෙන් ද පොලි­සිය ප්‍රකා­ශ­යක් ලබා­ගෙන තිබූ අතර එහිදී ද අනා­ව­ර­ණය වී තිබුණේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පොලි­සි­යට පැමි­ණිලි කරන ලෙසට විදු­හ­ල්ප­ති­ව­රයා ඇතුළු පිරිස කලාප අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ව­රයා විසින් උප­දෙස් දී තිබි­ය­දිත් එය පැහැ­ර­හැර ඇති බවයි. ඒ අනුව මෙම සිදු­වී­මට අදා­ළව තණ­ම­ල්විල පොලි­සිය මඟින් පෙරේදා (13) එම විද්‍යා­ලයේ විදු­හ­ල්ප­ති­ව­ර­යාත් නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­ව­ර­යාත් විනය කමි­ටුව භාර ගුරු­ව­රිය හා උප­දේ­ශන ගුරු­ව­රිය අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කරනු ලැබීය. අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කෙරුණු විදු­හ­ල්ප­ති­ව­රයා ඇතුළු ගුරු­ව­රුන් සිව්දෙනා රුපි­යල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත මුදා හරි­මින් මේ මස 22 වැනි දින අධි­ක­ර­ණයේ පෙනී­සි­ටින ලෙසට මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

ඇප ලබා­දෙ­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා පවසා සිටියේ සාක්ෂි­ක­රු­වන්ට කිසිදු බල­පෑ­මක් නොකළ යුතු බවයි. එවැනි සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් තොර­තුරු වාර්තා වුව­හොත් ඇප අව­ලංගු කර නැවත රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන බව­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත නොක­රන්නේ විදු­හ­ල්ති­ව­රයා මෙම පිරිස පාසල තුළ රාජ­කාරි කට­යුතු කිරී­මට අවශ්‍ය නිසා බවත් අව­වාද කර­මින් ප්‍රකාශ කර සිටි­යේය.

මෙම දැරිය සමූහ දූෂ­ණය වීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැත්වූ තණ­ම­ල්විල පොලි­සිය මෙයට පෙර සිසුන් 17 දෙනකු හා 49 හැවි­රිදි කාන්තා­වක අත්අ­ඩං­ගු­වට ගෙන වැල්ල­වාය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලැබීය.

එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා 49 හැවි­රිදි කාන්තාව හා සිසුන් තිදෙ­නකු මේ මස 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළ අතර අනෙ­කුත් සිසුන් 14 දෙනා බණ්ඩා­ර­වෙල සුරක්ෂා මධ්‍ය­ස්ථා­නයේ රඳවා තබන ලෙස නියෝග කරනු ලැබීය.

මොන­රා­ගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී බුද්ධි උඩු­ග­ම­සූ­රිය මහ­තාගේ උප­දෙස් පරිදි තණ­ම­ල්විල මූල­ස්ථාන පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් වැඩි­දුර විම­ර්ශන පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT