Home » රේගු­වෙන් නිෂ්කා­ශ­නය නොවූ සුපිරි රථ දෙක පාවිච්චි කළ දෙන්නා අල්ලස් කොමි­ෂන් සභා­වට රථ භාරදීලා

රේගු­වෙන් නිෂ්කා­ශ­නය නොවූ සුපිරි රථ දෙක පාවිච්චි කළ දෙන්නා අල්ලස් කොමි­ෂන් සභා­වට රථ භාරදීලා

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් පසු­ගිය 06 වැනිදා සිදු කළ නියෝග ප්‍රකා­රව ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කා­ශ­නය නොවූ සුඛෝ­ප­භෝගී රථ දෙකක් මේ වන විට එම රථ පරි­හ­ර­ණය කර­මින් සිටි පුද්ග­ල­යන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ රහ­සි­ගත හා බුද්ධි විම­ර්ශන ඒක­කය වෙත භාර දී තිබේ. ලෑන්ඩ්කෲ­ෂර් රථ­යක් සහ පැජරෝ රථ­යක් මෙසේ භාරදී ඇත්තේ පසු­ගි­යදා (12) ය.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කා­ශ­නය නොවූ වාහන 07ක් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට අල්ලස් කොමි­ෂන් සභාව විසින් කරුණු දැක්වී­මෙන් අන­තු­රුව එම වාහ­න­වල වර්ත­මාන හිමි­ක­රු­වන්ට 13 වැනි­දාට පෙර එම වාහන අල්ලස් කොමි­ෂන් සභාව වෙත  භාර­දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා  නියෝග කළේය.

ඉහත වාහන සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කට­යුතු  කිරී­මෙන් පසුව ලබන 23 දින ප්‍රග­තිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව කොමි­සමේ ප්‍රකා­ශ­ක­යෙක් ‘දින­මිණ’ට සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT