කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා විසින් පසුගිය 06 වැනිදා සිදු කළ නියෝග ප්රකාරව ශ්රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ සුඛෝපභෝගී රථ දෙකක් මේ වන විට එම රථ පරිහරණය කරමින් සිටි පුද්ගලයන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය වෙත භාර දී තිබේ. ලෑන්ඩ්කෲෂර් රථයක් සහ පැජරෝ රථයක් මෙසේ භාරදී ඇත්තේ පසුගියදා (12) ය.
ශ්රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ වාහන 07ක් සම්බන්ධයෙන් අධිකරණයට අල්ලස් කොමිෂන් සභාව විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව එම වාහනවල වර්තමාන හිමිකරුවන්ට 13 වැනිදාට පෙර එම වාහන අල්ලස් කොමිෂන් සභාව වෙත භාරදෙන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ඉහත වාහන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමෙන් පසුව ලබන 23 දින ප්රගතිය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කොමිසමේ ප්රකාශකයෙක් ‘දිනමිණ’ට සඳහන් කළේය.