Wednesday, April 23, 2025
Home » බංග්ලා­දේ­ශයේ අර්බු­ද­යට මැදි­හත්වීමේ චෝද­නාව ධවල මන්දි­රය ප්‍රති­ක්ෂේප කරයි

බංග්ලා­දේ­ශයේ අර්බු­ද­යට මැදි­හත්වීමේ චෝද­නාව ධවල මන්දි­රය ප්‍රති­ක්ෂේප කරයි

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

බංග්ලා­දේ­ශයේ අභ්‍ය­න්තර කට­යු­තු­ව­ලට මැදි­හත් වූ බවට එල්ල වන චෝදනා තර­යේම ප්‍රති­ක්ෂේප කරන බවට ධවල මන්දි­රය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලා­දේ­ශයේ අග­මැ­ති­නිය ශෙයික් හසී­නාට ධුරය හැර දමා රටින් පිට­වී­මට සිදු­වූයේ අමෙ­රි­කාවේ කුම­න්ත්‍ර­ණ­ය­කින් බවට පසු­ගි­යදා එල්ල වූ චෝදනා සාවද්‍ය බව ධවල මන්දි­රයේ මාධ්‍ය ප්‍රකා­ශිකා කැරින් ජීන් වාර්තා­ක­රු­වන්ට ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

‘අපගේ කිසිම මැදි­හ­ත්වී­මක් නෑ. බංග්ලා­දේ­ශයේ උද්ග­තවූ දේශ­පා­ලන අර්බු­ද­යට අමෙ­රි­කාව සම්බන්ධ බවට පළවූ සියලු පුවත් අප තර­යේම ප්‍රති­ක්ෂේප කර­නවා.‘ කැරින් ජීන් පසු­ගි­යදා පැවැති මාධ්‍ය හමු­ව­කදී එසේ ප්‍රකාශ කළ බව වාර්තා වේ.බෙංගාල බොක්ක ආශ්‍රි­තව පිහිටි සාන්ත මාටින් දූපත අමෙ­රි­කා­වට ලබා දුන්නේ නම් අග­මැ­ති­ධු­රයේ රැඳී සිටී­මට හැකි­යාව තිබූ බවට ශෙයික් හසීනා ප්‍රකාශ කළේ යැයි පළවූ මාධ්‍ය වාර්තා­ව­ලට ප්‍රති­චාර දක්ව­මින් ඇය එසේ සඳ­හන් කර තිබේ.

සිය මව කිසි­වි­ටෙක එවැනි ප්‍රකා­ශ­යක් සිදු නොකළ බව වොෂි­න්ටන් නුවර පදිංචි හසී­නාගේ පුත්‍රයා වන සජීබ් වසීඩ් ද තහ­වුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT