බංග්ලාදේශයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූ බවට එල්ල වන චෝදනා තරයේම ප්‍රතික්ෂේප කරන බවට ධවල මන්දිරය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලාදේශයේ අගමැතිනිය ශෙයික් හසීනාට ධුරය හැර දමා රටින් පිටවීමට සිදුවූයේ අමෙරිකාවේ කුමන්ත්රණයකින් බවට පසුගියදා එල්ල වූ චෝදනා සාවද්‍ය බව ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශිකා කැරින් ජීන් වාර්තාකරුවන්ට ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
‘අපගේ කිසිම මැදිහත්වීමක් නෑ. බංග්ලාදේශයේ උද්ගතවූ දේශපාලන අර්බුදයට අමෙරිකාව සම්බන්ධ බවට පළවූ සියලු පුවත් අප තරයේම ප්‍රතික්ෂේප කරනවා.‘ කැරින් ජීන් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී එසේ ප්‍රකාශ කළ බව වාර්තා වේ.බෙංගාල බොක්ක ආශ්‍රිතව පිහිටි සාන්ත මාටින් දූපත අමෙරිකාවට ලබා දුන්නේ නම් අගමැතිධුරයේ රැඳී සිටීමට හැකියාව තිබූ බවට ශෙයික් හසීනා ප්‍රකාශ කළේ යැයි පළවූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඇය එසේ සඳහන් කර තිබේ.
සිය මව කිසිවිටෙක එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව වොෂින්ටන් නුවර පදිංචි හසීනාගේ පුත්‍රයා වන සජීබ් වසීඩ් ද තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.