Home » බංග්ලා­දේ­ශයේ හින්දු විරෝධය සැල­සුම් සහ­ගත සිදුවීමක්

බංග්ලා­දේ­ශයේ හින්දු විරෝධය සැල­සුම් සහ­ගත සිදුවීමක්

මාධ්‍ය වාර්තා­ව­කින් හෙළි වෙයි

by Gayan Abeykoon
August 15, 2024 1:13 am 0 comment

බංග්ලා­දේ­ශයේ පසු­ගි­යදා උද්ගත වූ රජ­යට එරෙහි විරෝ­ධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා අත­ර­තුර සුළු­තර හින්දු ජාති­ක­යන්ට ප්‍රහාර එල්ල කිරීම සැල­සුම් සහ­ග­තව සිදු­වූ­වාක් බවට වාර්තා පළ වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. ශෙයික් හසීනා රටින් පිට­වී­මෙන් පසු එරට ඉස්ලාම් මූල­ධ­ර්ම­වා­දීන් හින්දු ජාති­ක­යන්ගේ නිවාස, කඩ­සාප්පු සහ හින්දු කෝවිල් ගිනි තබා විනාශ කර ඇතැයි ද, එය එරට සියලු ප්‍රදේ­ශ­වල පැතිරී ගිය ප්‍රච­ණ්ඩ­ත්ව­යක් බවට පත්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ගිනි­තබා විනාශ කිරී­මට අම­ත­රව බොහෝ හින්දු ව්‍යාපා­රික ස්ථාන හා නිවාස කොල්ල­කෑම් ද සිදුවූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.  ඩකා අග­නු­වර පිහිටි එරට ප්‍රමු­ඛ­තම හින්දු කෝවි­ලක් වන ධාකේ­ෂ්වරි කෝවිල ගිනි­බත් කර තිබූ බවත්, චිතගොං නුවර පිහිටි කාලි මන්දිර් කෝවි­ලට සැල­කිය යුතු හානි­යක් සිදු කර තිබූ බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. ඒ අත­ර­තු­ර­දීම සිල්හෙට් නුවර පිහිටි ජග­නාත් කෝවි­ලට ද, ඩකා නුවර පිහිටි රාම්නා කාලි මන්දිර් කෝවි­ලට ද අලා­භ­හානි සිදු කර කොල්ල­කෑ­මට ලක් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT