අප්‍රිකානු මහාද්වීපයේ වඳුරු උණ වයිරසය සැලකිය යුතු අයුරින් ඉහළ යෑම හේතුවෙන් අප්‍රිකානු කලාපයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වසරේ ගත වූ මාස 7ක කාලය ඇතුළත කොංගෝ රාජ්‍යයේ පමණක් වඳුරු උණ රෝගීන් 13,700ක් වාර්තා වී ඇතැයි ද, මරණ 450ක් සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කෙන්යාවේ සහ රුවන්ඩාවේ ද සැලකිය යුතු අයුරින් වඳුරු උණ ව්‍යාප්ත වීම සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු අඟවා තිබේ.
සත්වයන්ගෙන් මිනිසාට සහ වයිරසය ආසාදිත රෝගීන්ගෙන් සෙසු පුද්ගලයන්ට බෝවන බව කියන වඳුරු උණ වයිරසය උණ, මාංශ පේශී වේදනාව හා සිරුර පුරා තුවාල සිදුවීම ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන මාරාන්තික වයිරසයක් බවට හඳුනාගෙන තිබේ.