Home » අයි.එම්.එෆ්. එක­ඟතා රැකීම මඟින් රටේ අනා­ග­තය යහ­පත් වෙනවා

අයි.එම්.එෆ්. එක­ඟතා රැකීම මඟින් රටේ අනා­ග­තය යහ­පත් වෙනවා

ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ පීඨයේ මහා­චාර්ය නලීන් අබේ­සේ­කර

by Gayan Abeykoon
August 15, 2024 1:30 am 0 comment

නුවන් මහේෂ් ජය­වි­ක්‍රම

මේ එදි­නෙදා උණු­සුම් පුවත් මවන කාල­යකි. ළඟ එන ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද විම­සීම හමුවේ එය එසේ වුවත් රටක් වශ­යෙන් කිසි­යම් ආර්ථික ස්ථාව­ර­ත්ව­යක් නොවු­ණ­හොත්  එදි­නෙදා ජන ජීවි­තය පම­ණක් නොව,  ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පවා අභි­යෝ­ග­යන්ට ලක් වන්නට ඉඩ ඇත. ඒ අනුව  රටක් වශ­යෙන් අපේ ඉදි­රිය කෙසේ විය යුතු ද? ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ පීඨයේ මහා­චාර්ය නලීන් අබේ­සේ­කර මහතා සමඟ අප ඒ පිළි­බඳව කතා කළෙමු.

 

අන්ත­ර්ජා­තික මූල්‍ය අර­මු­දලේ ( IMF) එක­ඟතා සමඟ මෙරට ඉදි­රි­යට යෑම, සුබ­වාදී ද? අසු­බ­වාදී ද?

සුබ­වා­දීයි. හැබැයි, අන්ත­ර්ජා­තික මූල්‍ය අර­මු­දලේ එක­ඟතා ගැන විවේ­චන, මැසි­විලි, පර­ස්ප­රතා තියෙ­නවා. ඒ තැන් හදා­ගෙන ඉදි­රි­යට යෑම සමෘ­ද්ධි­මත් හෙට­කට හේතු වනු ඇති බවත් කිව යුතුයි. එවිට IMF කෙරෙන් ඔබ්බ­ටත් යමින් අපට අනා­ගත ආර්ථික සමෘ­ද්ධිය පිළි­බඳ වැඩි­දු­ර­ටත් කතා කළ හැකියි. අනෙක, අපි රටක් විදි­යට වර්ෂ 1965 පමණ සිටම IMF එක්ක වැඩ කර­න­වානේ. එතැන් පටන් අප ඒ සමඟ එකට වැඩ කළ අවස්ථා වගේම එයින් බැහැ­රව බොහෝ වාර ගණ­නක් මෙරට කට­යුතු කළ බවත් අලු­තින් මතක් කළ යුතු නැහැනේ. හැබැයි, ඉකුත් කාල­යේදී බර­ප­තළ ආර්ථික ගැට­ලු­ව­ලට මුහුණ දී සිටි­යදී ඉන්ධන පිර­වු­ම්හ­ලට ඛනිජ තෙල් බවු­ස­රය එන දව­සක්, වේලා­වක් ගැන­වත් අපට පෙර දැනුuaවත් වීමක් තිබුණේ නැහැනේ. තොර­තුරු තාක්ෂ­ණය, කෘත්‍රිම බුද්ධිය ආදී නවී­නතා ගැන කතා කරන අපි එකල ඒ තරම් ප්‍රාථ­මික තැන­ටත් ඇද­වැ­ටු­ණානේ.

දැන් මම එතැ­නින් බෞද්ධ දර්ශ­නය දෙසට හැරෙ­නවා, ‘අසේ­ව­නාච බාලානං, පණ්ඩි­තා­නංච සේවනා…’ ඒ, බොහෝ දෙනකු අසා ඇති පාඨ­යක්. ඒත්, කී දෙනකු එහි අරුත පාදා ගෙන ඇති ද යන්න අවි­නි­ශ්චි­තයි. මේ කියන බාලයා වෙන් කර හඳු­නා­ගැ­නී­මට අප බුද්ධි­මත් විය යුතුයි. හොඳ සිත සහ නරක සිත ගැන පණ්ඩි­තයා සහ බාලයා යන්නෙන් අද­හස් කරන බවක් මම විශ්වාස කර­නවා. ඒ අනුව බාලයා යන්නෙන් නරක සිත අද­හස් කර­නවා. හැබැයි ඒ ටික නොවැ­ට­හෙන්නේ, අද වන විට සැබෑ බෞද්ධ දර්ශ­නය සමා­ජ­යෙන් ඈත් වී ඇති නිසයි. බුදු දහම මෙර­ටින් මෙකල ඉස්මතු වී පෙනෙ­න්නට නැහැ. ඒ කොහොම වෙතත්, ආර්ථි­ක­යට පණක් දුන් කොළඹ ජින­ර­තන කාර්මික විද්‍යා­ලය දශක ගණ­නා­ව­කට ඉහ­තදී  අර­ඹ­න්නට ඉකුත්දා දැයෙන් සමු­ගත් ගංගා­රා­මයේ පොඩි හාමු­දු­රු­වන්ට අනා­ග­තය පිළි­බඳ හොඳ දැක්මක් තිබුණා. ඒ වගේ­මයි, උමං­දාව ආදී බෞද්ධ විහාර ආශ්‍රි­තව පම­ණක් නෙවෙයි, වෙනත් ආගම් ඇසු­රේත් එවැනි ආර්ථි­ක­යට පණ පොවන වැඩ­ස­ට­හන් තනි තනිව ක්‍රියා­ත්මක කෙරෙ­නවා. ඒ කාර්මික දැනුම ඔස්සේ වැඩ ලෝක­යට පිය­න­ඟන අනා­ගත පර­පු­රට ව්‍යව­සා­ය­ක­ත්වයේ අගය කලක් යන විට ඒත්තු ගැන්වෙ­නවා. අද රටක් විදි­යට අපි ව්‍යව­සා­ය­කත්ව පර­පු­රක් නැති­ක­මින් කෙත­රම් පීඩා විඳි­නවා ද?

 එහෙ­ම­නම් අපිට මොනවා ද කරන්න පුළු­වන්?

දේශ­පා­ලන තන්ත්‍ර­යට ඉහ­ළින් මෙර­ටට ආර්ථික සමෘ­ද්ධිය අර­මුණු කර ගත්, ඉහළ ධූරා­ව­ලි­ය­කින් සැදු­ම්ලත් වෘත්ති­ක­යන් ආදි­න්ගෙන් සැදු­ම්ලත්  උත්ත­රී­තර මණ්ඩ­ල­යක් පිහි­ටුවා ගෙන එයින් ජාතික ප්‍රති­පත්ති සම්පා­ද­න­යේදී  උප­දේ­ශන සේවා ගන්න අපට බැරි ඇයි? රටක් විදි­යට හෙටක් හොයන අපි තවම ඒකට ප්‍රමාද නැහැ. මේ කියන්නේ දේශ­පා­ල­නය මුලි­නු­පුටා දැමී­මක් ගැන නෙවෙයි. ඒ පිරි­සත් ඇතු­ළුව උග­තුන්, විද්ව­තුන්, පූජ්‍ය පක්ෂය, ව්‍යාපා­රි­ක­යන්, ජන­මා­ධ්‍ය­වේ­දීන්, කලා­ක­රු­වන්, දේශ­පා­ල­න­ඥ­යන්, සිවිල් ක්‍රියා­ධ­ර­යන් ආදී බොහෝ ක්ෂේත්‍ර ආව­ර­ණය වන පරිදි ඒ මණ්ඩ­ලය තෝරා ගැනීම උචිත බවයි මගේ හැඟීම. එතැ­නදී දේශ­පා­ල­න­ඥ­යන් සෑම දෙය­ක­ටම අත නොදමා සිටී­මත් ඉතා වැද­ගත්. එවිට මුදල් පරි­හ­ර­ණය ගැන දැනු­මැති, ‘මාර්ක­ටින්’ සිහින පසු­පස හඹා ගොසින් අන්ති­මේදී අමා­රුවේ නොවැ­ටෙන තාරු­ණ්‍ය­යක් මෙර­ට­ටත් උදා­කර ගත හැකියි. ඉහළ ආදා­යම් වෙළෙ­ඳාම ආදි­යෙන් උප­යන ඇතැ­මුන්ට ඉතිරි කිරීමේ බැංකු ගිණු­ම­ක්වත් නැහැ. ඒ ගැන අව­ධා­ර­ණය කළත් ඒ අයට එහි අගය වටහා ගැනී­මට තරම් දැනු­මක්, අව­බෝ­ධ­යක්, එහි වැද­ග­ත්ක­මක් පෙනෙ­න්නේත් නෑ.

එහි තවත් බැරෑ­රුම් පැති­කඩ වෙනවා. ඒ, ආදා­ය­මට, හැකි­යා­වට වඩා වැඩි ණයක් ගැනී­මෙන්. ත්‍රිරෝද රථ­ය­කට වඩා සුළු ගණ­නක වාරි­ක­ය­කට මෝටර් රථ­යක් ගත හැකි වගට අලෙ­වි­ක­රු­වන් කරන විස්තර කිරී­ම්ව­ලට නතු වන ඇතැම් තරුණ තරු­ණි­යන්ට එතැ­නින් පසුව ජීවි­ත­යම මහ මඟ බව­ටත් පත්වෙලා. ඒත් ඒ නෙවෙයි ආර්ථික දියු­ණුව.

එහි මුල­ටම ගියොත්, ගමට ඒ හැඳි­න්වීම කර තියෙ­න්නේම අදූ­ර­දර්ශී විදි­යට. ඒ මිසෙක, කාටත් වැට­හෙන සරල විදි­යට නෙවෙයි. ඒ අපට මුල­දීම ලොකු­වට වැර­දුණු තැනක්. ඉතින් නැවත මුල ඉඳන්ම ඒ වැරැදි හදා ගන්න වැඩ­පි­ළි­වෙ­ළක් රටට ඕනෑ කර­නවා. ඇත්තෙන්ම, අපි අධ්‍යා­ප­නය, හරි හැටි අව­බෝධ කර නොගත් රටක්.

 දැන් අපි ආයෙත් IMF දෙසට හැරෙ­නවා?

තව අවු­රුදු 5කින් අපි කොතැන ද ඉන්නේ කියන තැන අපම තීර­ණය කිරී­මයි වඩා වැද­ගත්. එහිදී දෙප­යින් නැඟී සිටින තැනට පත් වීමත් අත්‍ය­ව­ශ්‍යයි.  IMF වැඩ­පි­ළි­වෙළ යටතේ අපි ඊළඟ වාරි­කය අවු­රුදු 5කින් ගන්නවා නම් එයින් වැඩක් නැහැ. අපි මේ අර්බු­ද­යෙන් ගොඩ ඒමයි වැද­ගත්. චංචා, දූෂණ, අක්‍ර­මි­ක­තා­ව­ලින් ඈත් වීම ගැනත් IMF අව­ධා­ර­ණය කර­නවා. ඒ සමඟ ආදා­යම් ඉහළ නංවා ගැනී­මත් එයින් මඟ­පෙ­න්වීම් කර­නවා.

 තව­දු­ර­ටත් විස්තර කරමු ද?

සංව­ර්ධ­නය  කියන්නේ මූල්‍ය­මය අතින් පම­ණක් මැනිය හැකි දෙයක් නෙවෙයි. ලෝකයා ඉන්නේත් එතැ­නයි. අනෙක,  අධ්‍යා­ප­නය කියන්නේ අපිට මොළ­යත් එක්ක ඇති ගනු­දෙ­නු­වක්. හැබැයි, අධ්‍යා­ප­නය වෙන එකක්. සර­ලව කිවු­වොත්, අපි අපේ හද­ව­තත් එක්ක තියෙන ගනු­දෙ­නුව ගැනයි ඉන් කියැ­වෙන්නේ.  ඒක සංස්කෘත භාෂා­වෙන් එන, ඉන් උක­හා­ගත් සංක­ල්ප­යක්. තමන් තමන් ගැන වගේම අනෙකා ගැන කෙත­රම් අව­ධා­න­ය­කින් සිටි­නවා ද කියන කාර­ණය එහිදී කතා­බ­හට ලක් වෙනවා. අපට රටක් විදි­යට ඒ ගැන හිතා බලන්න කාලය ඇවිත්.  ඒ අනුව, බාලාං­ශයේ ළමුන්ගේ ඉගෙ­නුම් ක්‍රම­වේද හා එහි පිරි­වි­තර කෙරෙහි පවා අපට දැනට වඩා වැඩි අව­ධා­න­යක් යොමු කිරීම වැද­ගත්. අවු­රුදු 12ට අඩු ළම­ය­කුට බර 28KG පමණ පොත් බෑග­යක් එල්ලා ගෙන පාසල් යන තත්ත්ව­යක් තවම මෙරට තියෙ­නවා. මේ අධ්‍යා­ප­නයේ ප්‍රමි­තිය අපි වහ­වහා දියුණු කළ යුතුව තියෙ­නවා.

ඒත් ඇත්තෙන්ම දියුණු  රට­වල ඒ ඒ ශ්‍රේණි­වල ළමුන්ගේ පාසල් පොත් බෑග් එකක බර පිළි­බඳ පිරි­වි­තර වෙනවා. අප­ටත් රටක් විදි­යට ඒ මඟට පිවි­සිය හැකියි. ඒ අනුව 4 ශ්‍රේණියේ ළමුන්ට 3kg 120g උප­රි­ම­ය­කට යට­ත්වයි පොත් බෑග් දෙන්නේ.   විශේ­ෂ­යෙන්ම, අවු­රුදු 5කට වඩා අඩු වයසේ ළමුන්ට සංව­ර්ධිත රට­ව­ලදී නම්, එරට සාර්ථක ව්‍යව­සා­ය­ක­යන් සහ එම ව්‍යාපාර කට­යුතු දකින්න ඉඩ  සලසා දෙනවා. තමන්ගේ නාන කාම­රය සුද්ධ පවිත්‍ර කිරීම ආදී ක්‍රියා­කා­ර­කම් හරහා ඒ කෙරෙහි වන  ධනා­ත්මක ආකල්ප ඇති කර­ව­නවා.  ඒ අනුව කුඩා කාලයේ සිටම ව්‍යව­සා­ය­ක­යන් ඇති කර ගැනීමේ කර්ත­ව්‍යයේ රට රට­වල් නියැ­ළෙ­නවා. අප­ටත් එය ආද­ර්ශ­යට ගත හැකියි. ඒත්, තවම අපේ සමා­ජයේ මවු­පි­යන් තමන්ට මඟ­හැ­රුණු, අත් නොදුටු හීන දරු­වන් කෙරෙන් සැබෑ කර ගැනී­මට වෙර දරන වැඩි දෙනෙක් තමයි සමා­ජයේ දක්නට තියෙන්නේ.

 අපි වෙන­ත­කට හැරෙමු. ඉදිරි වසර ගණ­නාව තුළ­දීත් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි, එක­ඟතා අනු­වයි මෙරට කට­යුතු කෙරෙන්නේ?

ඔව්. රටක් විදි­යට ඉදි­රි­යට යෑමේදී මූල්‍ය විනය, ආර්ථික ප්‍රති­පත්ති මෙර­ටට වැද­ගත්නේ. ඒ අනුව එහි සාධ­නීය පැති තියෙ­නවා. ඒ වගේම පාර්ලි­මේ­න්තුවේ සිය­ල්ලන් එකට එක්ව, රට වෙනු­වෙන් පොදු එක­ඟ­තා­වක් සහි­තව, දේශ­පා­ලන න්‍යාය පත්‍ර­ව­ලින් තොරව,  එකම දැක්ම­කින්, ප්‍රති­ප­ත්ති­ය­කින් යුතුව වැඩ කිරීමේ අව­ශ්‍ය­තාව මෙකල තියෙ­නවා. එහිදී උග­තුන්, විද්ව­තුන්, වෘත්තී­ය­වේ­දීන්ගේ දාය­ක­ත්වය ඇතිව පොදු වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­වට නැංවීමේ අව­ශ්‍ය­තාව රට වෙනු­වෙන් තියෙ­නවා.

අනෙක ආණ්ඩු බලය ගැනී­මේදී ඉදි­රි­පත් කළ සහ ඉදි­රි­යේදී ඉදි­රි­පත් කෙරෙන පොරොන්දු ඒ පරි­ද්දෙන් ඉටු කිරී­මත් ඉතා වැද­ගත්. එහිදී ජන­මාධ්‍ය හා පොදුවේ ජන­මා­ධ්‍ය­වේ­දී­න්ටත් පොදු වග­කී­මක් පැව­රෙ­නවා. ‘රේටින්ග්ස්’ ගැන නොබලා රට වෙනු­වෙන් ඉටු­කළ යුතු වග­කීම ඉටු කිරී­මේදී  ජන­මා­ධ්‍ය­ය­ටත් වග­කී­මක් පැව­රෙ­නවා.  සංව­ර්ධ­නය, ව්‍යව­සා­ය­ක­ත්වය ඉහළ නංවන වැඩ­පි­ළි­වෙ­ළක් උදෙසා වැඩි විකා­ශන හා ගුවන් කාල­යක් වෙන් කර දෙමින්, පොදුවේ වස­රක කාල­යක් සඳ­හා­වත් පොදු එක­ඟ­තා­ව­කට එළැ­ඹෙ­මින් ජන­මාධ්‍ය, සමාජ මාධ්‍ය ආදි­ය­ටත් ඒ කර්ත­ව්‍ය­යට උර දිය හැකියි. ඒ මෙකල දැඩි අව­ශ්‍ය­තා­වක් පව­ති­න්නක්.

 අපි දැන් කතා කරන්නේ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධ­නය ගැනයි?

දියුණු රට­වල බොහෝ ව්‍යව­සා­ය­ක­යන් වෙනවා.  අනෙක් අය­ටත් ඒ තැනට පත්ව­න්නට මඟ පෙන්වීම්, දිරි­දීම් කර­නවා. ව්‍යව­සා­ය­ක­යන්ට සමා­ජය තුළ ඉහළ පිළි­ගැ­නී­මක් ලැබෙ­නවා. ඒත් මෙරට එය එත­රම් දකින්න නැහැ. දියුණු රට­ව­ලට ගියාම, ඒ රටට ගොඩ බසින විට­දීම ‘ව්‍යව­සා­ය­ක­යන් සාද­ර­යෙන්  පිළි­ග­නිමු’ කිය­මන නිතර දකින්න ලැබෙ­නවා. මෙර­ටත් ව්‍යව­සා­ය­ක­යන්ට හිමි ගෞර­වය දීමට කට­යුතු කිරී­මත් වැද­ගත්.

 මේ සංචා­රක කර්මා­න්තය ගැන වැඩි අව­ධා­න­යක් යොමු­වන කාල­යක්?

දැන් මෙරට සංචා­රක කර්මා­න්තය අතින් කලින් තරම් තද­බල ගැටලු දක්නට නැහැ. ඒත් තව­දු­ර­ටත් සංචා­රක කළ­ම­නා­ක­රණ ආය­ත­න­වල කට­යුතු විධි­මත් වීමත් අව­ශ්‍යයි.  එහිදී නිසි බාහිර පාර්ශ්ව­වල ද සහාය ගැනීම වැද­ගත්. විශේ­ෂ­යෙන්ම,  ප්‍රචා­රණ කට­යුතු නවී­ක­ර­ණය කළ හැකි නම් ඉන් වැඩි ප්‍රති­ඵල ලබා ගත හැකියි. එසේම,  මෙරට සංචා­රක ගම­නාන්ත දහස් ගණ­නක් වුණත් ඉන් බොහො­ම­ය­කට අදා­ළව විධි­මත් වෙබ් අඩවි දක්නට නැහැ. අඩුම තර­මින් එහිලා ප්‍රධාන තැනක් ගන්නා සීගි­රිය පිළි­බඳ ස්ටෝරි ටෙලින්ග්, ඇනි­මේ­ෂන්,  ඩිස්නි ආදී නවීන මාදිලි ඔස්සේ නිර්මා­ණා­ත්මක ප්‍රචා­ර­ණය හරහා තව­දු­ර­ටත් විදෙස් සංචා­ර­ක­යන් ආක­ර්ෂ­ණය කර­ගත හැකියි. අපේ රන්මි­හි­තැන්න දියුණු කරන්න අපට නයි­ජී­රි­යාවේ නොලි­වුඩ් එකෙන් ගන්න හුඟක් දේවල් තියෙ­නවා. ඒක එහෙම වුණා නම්, තව­දු­ර­ටත් සාම්ප්‍ර­දා­යික අප­න­යන අංශ­ව­ලින් එහාට ගිහින් අපට මියු­සික් වීඩියෝ, ගේම්ස් ආදී පැති­ව­ල­ටත් විවර වෙන්න පුළු­වන්. හැබැයි, ඒකට අපේ ආකල්ප දියුණු තියුණු වෙන්න ඕනි. ඒක කරන්න අධ්‍යා­ප­නය වෙනස් වෙන්න ඕනි. පක්ෂ, විපක්ෂ කාගේත් එක­මු­තු­කම එතැ­නදී ඕනෑ.

අනෙක,  සංචා­රක කර්මාන්ත අතින් වැඩි­දු­ර­ටත් විස්තර කර­නවා නම්, අපි බට­හිර රට­වල් කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කර­නවා වගේම චීනය කෙරෙ­හිත් අව­ධා­න­යක් යොමු කිරීම වැද­ගත්. බ්‍රිතා­න්‍යය අමෙ­රි­කාව ආදී රට­වල් පවා චීන ජාතික සංචා­ර­ක­යන් අද්දවා ගැනීම කෙරෙහි විශේෂ ව්‍යාපෘති දියත් කර තියෙ­නවා. ඒ අතින්, අප­ටත් වැඩි අප­හ­සු­ව­කින් තොර­වම ලොව වටා සැරි­ස­ර­න්නට වඩාත්  ප්‍රිය කරන  චීන ජාතික සංචා­ර­ක­යන් ද මෙහි ගෙන්වා ගත හැකියි. චීන සංචා­ර­ක­යන් මෙහි පැමි­ණීම 0.01%කින් වැඩි කරවා ගත හැකි වුවත් ඉන් මෙරට ආර්ථික දියු­ණු­වට විශාල පිටි­ව­හ­ලක් ලැබෙ­නවා.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT