Wednesday, April 23, 2025
Home » සාමවිනිසුරු සංගමයේ 28 වැනි වාර්ෂික මහා සභාවේදී නව නිලධාරි මඬුල්ලක්

සාමවිනිසුරු සංගමයේ 28 වැනි වාර්ෂික මහා සභාවේදී නව නිලධාරි මඬුල්ලක්

by sachintha
August 14, 2024 2:42 am 0 comment

ශ්‍රී ලංකා සාමවිනිසුරුවරුන්ගේ සංගමයේ 28 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී ඉදිරි වර්ෂය සඳහා සංගමයේ සභාපති ලෙස සේනාදීශ චන්ද්‍රසේකර, ලේකම් ලෙස සම්පත් රඹුක්පොත, භාණ්ඩාගාරික ලෙස නන්දනී විජේරත්න, අනුශාසකවරුන් ලෙස සේනක ජයතිලක හා ඇන්ටන් පුල්ලේ යන මහත්ම මහත්මීහු තේරී පත් වූහ. විධායක කමිටු සාමාජිකයන් ලෙස හසන්ත පෙරේරා, ගාමිණී ජයදේව, සචිජ් සතිශ්වරන් හා අබ්දුල් ජබාර් මහත්වරු ද තේරී පත් වූහ.

මෙම මහා සභා රැස්වීම සඳහා දිවයින පුරා විසිරී සිටින සාමදාන විනිශ්චයකාරවරුන් 120 දෙනකුට අධික පිරිසක් සහභාගි වූ අතර, පසුගිය වසර තුළ සංගමය මඟින් සමාජයට කරන ලද ප්‍රජා සෞඛ්‍ය සේවාවන් වන ඇස් පරීක්ෂා කර විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන් 1,000කට ආසන්න ප්‍රමාණයකට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම, පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම, පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබා දී කරන ලද සමාජ සත්කාරයන් සම්බන්ධයෙන් සභාපතිවරයා අදහස් දැක්වීය. අනතුරුව දිවයින පුරා සිටින සාමදාන විනිශ්චයකාරවරුන්ගේ වගකීම් හා කාර්යභාරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ පැවැත්වීම ඇතුළු කරන ලද සේවාවන් පිළිබඳව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT