180
කොටිකාවත්ත ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සහ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය අතර දෙවැනි වරටත් පවත්වන ලද ‘කැලණිවැලි නිම්නයේ සටන’ ( The Battle of the KalaniValley) පසුගියදා බොරැල්ලේ පී. සරා ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.
එහිදී රාජසිංහ විදුහල් කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර, 68/10 ක් ලෙස ලකුණු ලබා ගත්තේය. ඊට පිළිතුරු ලෙස බෝමිරිය විදුහල් කණ්ඩායම 69/2ක් සටහන් කරමින් කඩුලු අටකින් තරගය ජයග්‍රහණය කොට ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.
මුල්ලේරියාව – සිරිසේන ගමගේ