173
සේදවත්ත ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් සරුංගල් තරගයක් පසුගිය සෙනසුරාදා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
විදුහල්පති ඉන්ද්‍රජිත් දොලුකදුර මහතාගේ උපදෙස් පරිදි පළමුවැනි වසරේ සිට ඉහළම පන්ති දක්වා නියෝජනය වන පරිදි මෙම තරගය පවත්වා තිබේ. මේ සඳහා සරුංගල් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අතුරින් විශාලතම සරුංගලය, විචිත්‍රවත් සරුංගලය සහ නිර්මාණශීලි සරුංගලය ආදී වශයෙන් තෝරාගැනීම් සිදු කළ අතර, ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීම ද සිදු කෙරිණ.
මුල්ලේරියාව – සිරිසේන ගමගේ