Monday, April 21, 2025
Home » ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටී සිදුවූ අනතුරින් තිදෙනෙක් රෝහලේ

ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටී සිදුවූ අනතුරින් තිදෙනෙක් රෝහලේ

by sachintha
August 14, 2024 2:00 am 0 comment

නවතා තිබූ මගී ප්‍රවාහන බස් රථයක ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනකු බරපතළ තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කළ බව මුන්දලම පොලිසිය ඊයේ (13) පැවසීය. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පවසයි.

විදේශ රැකියාවක් සඳහා පිටත් වීමට කටුනායක ගුවන්තොටුපොළ රැගෙන යමින් තිබූ ත්‍රිරෝද රථයක් මෙලෙස බස් රථයේ ගැටි අනතුරට ලක්වී ඇති බව පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ පුත්තලම සිට හලාවත දක්වා ගමන් කර තිබු පුද්ගලික මගී ප්‍රවාහන බස් රථය මගීන් නංවා ගැනීමට මුන්දලම රෝහල ඉදිරිපිට නවතා තිබියදී පසුපසින් පැමිණි මෙම ත්‍රිරෝද රථය රියැදුරු පාලනයෙන් මිදී අනතුරට ලක්වී ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරා හා විදේශ රටකට යෑම සඳහා ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටි අය සහ තවත් අයකු බරපතළ ලෙස තුවාල ලබා ඇත. තිදෙනාම මුන්දලම රෝහලට ඇතුළත් කර ඇති අතර කඩිනමින් මුන්දලම රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා තිදෙනාම හලාවත මහ රෝහලට යැවීමට කටයුතු කර ඇත.

අනතුර සම්බන්ධව මුන්දලම පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ අරඹා තිබේ.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT