Monday, April 21, 2025
Home » බන්ධනාගාර බස් රථයක් කිරි ප්‍රවාහනය කරන බවුසරයක ගැටෙයි

බන්ධනාගාර බස් රථයක් කිරි ප්‍රවාහනය කරන බවුසරයක ගැටෙයි

by sachintha
August 14, 2024 2:00 am 0 comment

මොනරාගල බිබිල මාර්ගයේ ටැංවත්ත ප්‍රදේශයේදී පෙරේදා (12) බන්ධනාගාර බස් රථයක් සහ කිරි ප්‍රවාහනය කරන බස් රථයක් එකිනෙක ගැටීමෙන් රියඅනතුරක් සිදුවී ඇත.

මහනුවර ප්‍රදේශයේ සිට බන්ධනාගාර රැඳවියන් මොනරාගලට රැගෙන එමින් තිබූ බස් රථය මොනරාගල සිට බිබිල ප්‍රදේශයට ධාවනයවෙමින් තිබූ කිරි ප්‍රවාහනය කරන බවුසරයක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

බන්ධනාගාර බස් රථයේ රියැදුරුට මෙම අනතුරින් සුළු තුවාල සිදුවී තිබේ.

රැඳවියන් වෙනත් වාහනයක් මඟින් ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබිණි.

මොනරාගල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ජානක රත්නසිරි මහතා පරීක්ෂණ පවත්වයි.

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT