ඉදිරි වසර තුන සඳහා බලපැවැත්වෙන පරිදි කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලය සඳහා නිල මඬුල්ල පත් කරගැනීම, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා සිදුවිය.
ඒ අනුව මෙවර ද කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ධුරය සඳහා තේරී පත්වූයේ සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් විදුහල්පති, පින්නවල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, පින්නවල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති පූජ්‍ය දුනුකේවෙල සීලවිමල ස්වාමීන් වහන්සේය. ලේඛකාධිකාරි ධුරය සඳහා දඹදෙණිය සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කතිකාචාර්ය, ගලිගමුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති නෙළුන්දෙණියේ ධම්මදස්සි හිමි තේරී පත්වූහ.
කෑගල්ල දිස්ත්‍රික් සමූහ දයාරත්න බණ්ඩාර