Home » මොනරාගල පොහොට්ටුවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත නාමල්ට

මොනරාගල පොහොට්ටුවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත නාමල්ට

-රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ

by sachintha
August 14, 2024 12:46 am 0 comment

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම පක්ෂයේ නායකයින් වන අප සියලු දෙනාගේම වගකීමයි. එසේ කිරීමෙන් පමණයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට පුළුවන් වන්නේ. පැමිණ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත නාමල් රාජපක්ෂ මහතාට ලැබෙනවාට කිසිම සැකයක් නැහැ. ඔහුගේ ජයග්‍රහණය සඳහා කැප වන ලෙස ඉල්ලා සිටිනවා යැයි ඉකුත් (11) වැනිදා වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මොනරාගල සිරිගල ප්‍රදේශයේ පිහිටි නිවසේදී පැවති සාකච්ඡාවේදී පැවසීය.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමේ අරමුණෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවල හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු ග්‍රාමීය නායකයින්ගේ සහභාගිත්වයෙන් ඉකුත් (11) වැනිදා රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මොනරාගල සිරිගල ප්‍රදේශයේ පිහිටි නිවසේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වැල්ලවාය ආසන සංවිධායක ඌව පළාත් සභාවේ හිටපු උප සභාපති විමල් ගලගමආරච්චි, ප්‍රාදේශීය සභාපතිවරුන් වන ආර්.එම්. රත්නවීර (මොනරාගල), රංජිත් පියදිගම (මැදගම), චමින්ද පුෂ්පකුමාර (මඩුල්ල), සමන් වර්ණකුලසූරිය (සියඹලාණ්ඩුව) යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකයින්ගෙන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ඩී.එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT