Tuesday, April 22, 2025
Home » 94 සටන රසවත් කළ AJR

94 සටන රසවත් කළ AJR

by sachintha
August 14, 2024 1:23 am 0 comment

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති ධූරය දැරූ රසවතෙකු සහ දේශපාලන ලෝකයේ සැමගේ අවධානය යොමු වූ දේශපාලනඥයකු ලෙස ඒ.ජේ.රණසිංහ මහතා හඳුන්වා දිය හැකිය. ඔහු ඔහු විසින්ම හලැබුවේ ඒ.ජේ.ආර්. යන නමිනි.ඔහුගේ දේශපාලනය රසවත් විය අහිංසක විය ඔහු බොහෝ විට කළේ කලා කරුවන් මාධ්‍යෙවේදීන් සමඟ ගත කිරීමය.රසවතෙකු වූ ඒ.ජේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ බොහෝ කලාකාමී කටයුතුවල සහ කලාකරුවන්ගේ සුබසාධන කටයුතුවලට යොමුව සිටියහ.ගමේ භාෂාවෙන් කියනවා නම් ඒ.ජේ.ප්‍රේමදාසගේ මිනිහෙකි.ඒ නිසා ඔහු ඒ දවස්වල රජගෙදර නිතර ගැවසුනු කෙනෙකි.ඒ නිසාම ඔහු බොහෝ රාජකීය රහස් දත් තැනැත්තකු ලෙසම හඳුන්වා දෙනු ලැබූ අවස්ථා එමටය. දුරකථන පටිගත කිරීම් අලුත් තාක්ෂණ ක්‍රම හිඟව තිබූ එකල ඒ.ජේ ළඟ තිබෙනවා කියූවේ රහස් පෙට්ටියකි.ඒ රහස් පෙට්ටිය තුළ තමන්ට රටේ ඉහළම අයගේ රහස් පවා තිබෙන බවට ඔහු ප්‍රසිද්ධියේ සඳහන් කළේ 1994 ජනාධිපතිවරණ සටන කාලයේදීය. රණසිංහ ප්‍රේමදාස මහතාගේ ළඟම හිතවතකු වූ රණසිංහ මහතාගේ දේශපාලන ජීවිතයට විවිධ කැපිලි එන්නට පටන් ගත්තේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයත් සමඟය. එකල එජාපය තුළ විවිධ හැලහැප්පිලි ඇති වූ බවට කතා පවතී එහි ප්‍රතිඵලයක් වූයේ ඒ.ජේ.ආර් දේශපාලනය තුළ යම් හුදෙකලාවකට පත්වීමය.

එහෙත් ඔහුට දේශපාලනය අමතක කර කටයුතු කිරීමට හැකියාවක් නොතිබුණි.

1994 ජනාධිපතිවරණයේදී ඒ.ජේ ආර්.මතුවූයේ ජනාධිපති අපේක්ෂකයකු ලෙසය. ඔහු එම ජනධිපතිවරණයට තරග කළේ දිනන්නට නොව සහභාගීත්වය වටිනා නිසායැයි එක් වරක් ඒ.ජේ සඳහන් කළේය.

ඔහුට ගාමිණි දිසානායකගේ එජාපයට නැවත පැමිණීම රිස්සුවේ නැත.ඒ නිසාම ජනාධිපතිවරණයට ස්වාධීනව හංසයා ලකුණෙන් තරගයට පැමිණි ඒ.ජේ.ආර්.ගේ කතා නිසා වැඩිපුරම රිදුනේ අලියාටය. හංසයාගේ කතා නිසා අලියාට විවිධ හිත් රිදවීම් සිදුවිය. ඔහු එක් වරක් කියා සිටියේ තමන්ගේ රහස් පෙට්ටිය ඇරියොත් සියල්ලන් සුන්වන බවය.

එදා අද මෙන් විවිධ රූප මාධ්‍ය සහ ප්‍රවෘත්ති ප්‍රකාශ නොතිබුණි සියලු ජනාධිපති අපේක්ෂකයන් වෙත ජාතික රූපවාහිනියෙන් ගුවන් කාලය ලැබුණි.එදා ගාමිණි දිසානායකලා ,චන්ද්‍රිකාලා පමණක් නොව ජවිපෙන් ඉදිරිපත් වූ නිහාල් ගලප්පත්තිලාට හෝ වෘත්තීය නිවේදකයකු වූ හඩ්සන් සමරසිංහ වැනි කතා කාරයන්ටත් වඩා ජනප්‍රිය වූයේ ඒ.ජේ.ආර්.ගේ කථාය.එදා වඩාත් කතා බහට සහ ජනප්‍රියත්වයට පත් ජනධිපතිවරණ කථාය.

ජනාධිපතිවරණ තරගය අතර ගාමිණි දිසානායක මිය යාමෙන් පසු තරගයට පැමිණි ශ්‍රීමා දිසානායක මහත්මියගේ තරග වැදීම නීති විරෝධි බව කියා උසාවියටද ගිය රණසිංහ මහතා තම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියේ චන්ද්‍රිකා නෝනාගේ පුටුව උඩින් අලියා තැබුවහොත් පුටුව කඩා වැටෙන නිසා පුටුව උඩින් තැබීමට සුදුසුම සතා තමන් නියෝජනය කළ හංසයා බවය.

ඒ ආකාරයෙන් රස කතා කියූ තමන් සතුව රහස් පෙට්ටගමක් ඇතැයි කියූ ඒ.ජේ.ආර්.ට 1994 ජනධිපතිවරණයේදී ඡන්ද 22752 පමණි.ඉන්පසු කිසිදා දේශපාලන බිමට පා නොතැබූ ඒ.ජේ රණසිංහ රසවත් මතකය සමාජයෙන්ද කෙමෙන් මැකී ගිය අතර ඔහු අවුරුදු අනූ දෙකක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූයේ 2022 වර්ෂයේදීය.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT