පාසල ඇරී අමතර පංතියකට ගොස් තම සහෝදරයා (16) සමඟ සවස යතුරුපැදියකින් නිෙවසට එමින් සිටියදී කොබෙයිගනේ පහළ බලදොරදී, යතුරුපැදිය පෙරැළීයාමෙන්, පිටුපස අසුනේ සිටි පාසල් දැරිය (12) මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොබෙයිගනේ පොලිස් වසමේ, පහළ බලදොර, ලිපිනයේ පදිංචි, කොබෙයිගනේ ජාතික පාසැලේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩී.එම්. මනාෂා හංසනී නමැති පාසල් සිසුවිය බවද පොලිසිය පවසයි.
යතුරුපැදිය පදවාගෙන ගිය අනතුරින් තුවාල ලැබූ මියගිය සිසුවියගේ සහෝදරයා මේ වන විට නිකවැරටිය මූලික රෝහලේ අංක 10 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවද කොබෙයිගනේ පොලිසිය සඳහන් කරයි.
කට්ටාපිටිය, හුණුපිටිය මාර්ගයේ පහළ බලදොර ප්‍රදේශයේදී ඔවුන්ගේ නිෙවස ආසන්නයේදීම යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පෙරැළී ගොස් බෝක්කුවක් තුළට වැටීමෙන් අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කරයි.
අනතුරින් පසුව තුවාල ලබා සිටි අයියා සහ නංගී නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස පාසල් දැරිය මරණයට පත්ව ඇති බවද පොලිසිය තව දුරටත් සඳහන් කරයි.
මියගිය පාසල් සිසුවියගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය මූලික රෝහලේදී නිකවැරටිය කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ ඊයේ (13) දා සිදු කිරීමට නියමිතව තිබුණි.
නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණ කුමාර මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතාගේ මෙහෙයවීමෙන්, රථ වාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.
නිකවැරටිය – ගයන්දි පමෝධා