Home » 78 වැනි ඉන්දියානු නිදහස සැමරීම වෙනුවෙන් සබරගමුවට සංස්කෘතික මධ්‍යස්ථාන 20ක්

78 වැනි ඉන්දියානු නිදහස සැමරීම වෙනුවෙන් සබරගමුවට සංස්කෘතික මධ්‍යස්ථාන 20ක්

by sachintha
August 14, 2024 2:09 am 0 comment

ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර 78ක් සපිරීම නිමිත්තෙන් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක සඳහා සංස්කෘතික මධ්‍යස්ථාන 20ක් ඉන්දීය රජය මඟින් ප්‍රදානය කර තිබේ.

මෙම මධ්‍යස්ථානයන්ගේ පළමුවැන්න පසුගිය දා රත්නපුර මධ්‍ය පුස්තකාල පරිශ්‍රයේදි ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතීරා එස්. මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මෙම මධ්‍යස්ථාන පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්, විද්‍යාර්ථීන්, භාෂා අධ්‍යයනය කරන්නන් සහ පොදු ජනතාව වෙත පරිශීලනය කිරීම සඳහා පහසුකම් සපයා ඇත.

ඒ අනුව ඉන්දියානු සංස්කෘතිය, හින්දි සහ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන ග්‍රන්ථ ද ඉන් මෙයට එක් කර ඇත.

ඉදිරියේදී අන්තර්ජාල පුස්තකාල පහසුකම්ද මේ සඳහා ලබා දීමට ඉන්දියානු රජය සැලසුම් කර ඇතැයි ඉන්දියානු සහකාර මහකොමසාරිස්වරිය පැවසුවාය.

මෙම වැඩසටහනින් අනතුරුව ඉන්දියානු මහකොමසාරිස් වෛද්‍ය අතීරා එස්. මහත්මිය ඓතිහාසික සපරගමුව මහ සමන් දේවාලය වැඳ පුදා ආශීර්වාද ලබා ගැනීමට ද එක් වූවාය.

කහවත්ත – නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT