144
ඉන්දියාවේ සිට රැගෙන එන ලද රුපියල් මිලියන 45ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 160ක් සමඟ සැකකරුවන් දෙදෙනකු මන්නාරම පොලිසියේ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් 12 දා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කේරළ ගංජා තොගය මන්නාරමට බෝට්ටුවකින් රැගෙන විත් යාපනයේ අරියාලේ ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී මන්නාරම පොලිසියේ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔවුන් එහි ගොස් මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිළිනොච්චියේ පදිංචි වයස අවුරුදු 39 හා 44ක පුද්ගලයින් දෙදෙනෙකි.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔවුන්ව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ