රුපියල් හාරකෝටි හතළිස් ලක්ෂයක් වටිනා රත්රන් බිස්කට් 16ක් නීති විරෝධී ලෙස සඟවා ගෙන පැමිණි ව්‍යාපාරිකයකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරsන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ඊයේ (13) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙන ව්‍යාපාරිකයෙකි. ඔහු ඊයේ (13 ) උදෑසන 06.05ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ පැති බෑගයක ( Side Bag) සහ ගුවන් තොටුපොළ ගමන් මලු රැගෙන යෑමට ඇති ට්‍රොලි කරත්තයක් යට අලවාගෙන මේ රත්රන් බිස්කට් 08 බැගින් වූ පාර්සල් 02ක් ලෙස සකස් කර, සඟවාගෙන ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යෑමට තැත් කිරීමේදී මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මේ වන විට ව්‍යාපාරිකයා අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරින් විසින් සිදු කරමින් සිටී.
කටුනායක – ටී. කේ. ජී. කපිල